සජිත් – නාමල් – නයි චැනල්කාරයා බොරු මතයක් හදනවා.. බිමල්.!

Namal Rajapaksa Sajith Premadasa Bimal Rathnayake Political Development Sinhala news
By Akash Apr 26, 2025 02:06 PM GMT
Akash

Akash

Report

ලෝකයේ රටවල් 194ක් තිබෙන බවත් එයින් එක සතයක් හොරකම් කරන්නේ නැති, නාස්ති කරන්නේ නැති ආණ්ඩුවක් තිබෙනවා නම් ඒ ජාතික ජන බලවේග ආණ්ඩුව බව අමාත්‍ය, සභානායක බිමල් රත්නායක සඳහන් කරයි.

අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළේ, “මේ රටේ දූෂිත පාලනය අවසන් කර මේ රටේ පොදු ජනතාව අපේ පංතියේ අපේ පරපුරේ පුංචි මිනිහෙක් ජනාධිපති ලෙස පත් කිරීමට පසුගිය වසරේ සැප්තැම්බර් (21) දා ඓතිහාසික තීන්දුවක් ගත්තා.

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි (UPDATE)

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි (UPDATE)

ඒ ගමනේ එක් පියවරක් මැයි මාසේ (06) වැනිදා උදාවනවා. සමහර මාධ්‍ය මෙයට කියනවා පුංචි ඡන්දේ කියලා. නමුත් මේක පුංචි ඡන්දයක් නෙවෙයි වැදගත් ඡන්දයක්. ගම්වල සංවර්ධනය ජනතාවගේ ආර්ථික මට්ටම උසස් කිරීමේ අඩිතාලම දමන්නේ මෙම වැදගත් ඡන්දයේ ප්‍රතිඵල මතයි. අද සමහර විපක්ෂයේ අයත්, පච නාළිකාත් මොනව කිව්වත් මීට මාස හතකට කලින් රට තිබුණු තැන ගැන ජනතාව දන්නවා.

මීට මාස හතකට කලින් බලයේ හිටියේ හොරෙන් ආපු ජනාධිපතිවරයෙක් හා ජනතාව එළවපු පාර්ලිමේන්තුවක්. නමුත් අද රටේ ඉන්නේ ජනතා කැමැත්තෙන් පත්වුණු ජනාධිපතිවරයෙක් හා පාර්ලිමේන්තුවක්. මීට කලින් හිටපු ඇමැතිවරු ගමට ආවේ නෑ.

ගමට එන්න බැරිවයි හිටියේ. රටේ එක හොරෙක් ඇල්ලුවේ නෑ. රටේ නීතියක් තිබුණේ නෑ. පොඩි මිනිහට එක නීතියක් ලොකු මිනිහට එක නීතියක් තමයි ක්‍රියාත්මක වුණේ.

ඩෑන් නිසා දිල්කා දෙරණට දෙහි කපයි

ඩෑන් නිසා දිල්කා දෙරණට දෙහි කපයි

නමුත් අද එහෙම එකක් නෑ. අපි රට ස්ථාවර කර තිබෙනවා. රටේ සියලු ප්‍රශ්න විසඳන්න බැරි වුණාට රටේ නීතිය ස්ථාවර භාවයට පත්කර තිබෙනවා. අපි හදාගත්ත නීතිය, අධ්‍යාපනය, වැඩපිළිවෙළ මැයි (06) වැනිදා තමයි ගමට ගේන දවස උදාවන්නේ.

මේක පුංචි ඡන්දයක් නෙවෙයි වැදගත් ඡන්දයක්. දැන් අපේ විරුද්ධවාදීන් ජන සතුරන් මතයක් හදන්න හදනවා අපි බොරු කියලා බලය ගත්තා කියා. සජිත් කතා කළොත් කියන්නේ ජාතික ජන බලවේගය බොරු කියා බලය ගත්ත කියලයි.

නාමල් කියන්නෙත් මේකමයි. නයි චැනල්කාරයා කියන්නෙත් මේකමයි. අපි ඒ අය‌ගෙන් අහන්න කැමතියි අපි බලය ගන්න කිව්ව බොරුව මොකක්ද කියලා. ඒ අය කියන්නේ අපි ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කිව්ව දේවල් ඉටුකර නැති බවයි. අපිට බලය දුන්නේ මාස හතකට නෙවෙයි වසර පහකටයි. අපි දේශපාලන සැලැස්මක් එක්කයි රට හදන්නේ. අපි හොරකම් නොකරන පාලන තන්ත්‍රයක් හදා තිබෙනවා.

වංචා නොකරන පාලකයන් ඉන්න ආණ්ඩුවක් හදා තිබෙනවා. ලෝකයේ රටවල් 194ක් තිබෙනවා එයින් එක තඹ සතයක් හොරකම් කරන්නේ නැති නාස්ති කරන්නේ නැති ආණ්ඩුවක් තිබෙනවා නම් ඒක තමයි ඔබලා බිහි කළ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව.

එක චෝදනාවක් නෑ. කට කථාවක්වත් නෑ. ලෝක ඉතිහාසයේ එක සතයක් හොරකම් නොකරන ආණ්ඩුවක් තමයි පහුගිය වසරේ මෙරට ජනතාව පත්කළේ.” ජාතික ජන බලවේග ජන රැලියක් අමතමින් අමාත්‍ය බිමල් රත්නායක මේ බව සඳහන් කරයි. Join WhatsApp Group Join Telegram Group ඒෂියන් මිරර් දැන්වීම් උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ ට්‍රම්ප්ගේ තීරුබදු ගැන රජයෙන් ප්‍රකාශයක් ට්‍රම්ප්ගේ තීරුබදු ගැන රජයෙන් ප්‍රකාශයක් මේ දෙසැම්බර් වන විට සජිත් ජනාධිපති පුටුවේ ඉන්දවනවා – කබීර්ගෙන් සහතිකයක් මේ දෙසැම්බර් වන විට සජිත් ජනාධිපති පුටුවේ ඉන්දවනවා – කබීර්ගෙන් සහතිකයක් NPP ගිවිසුම් නිසා ලංකාව ජිහාඩ් තර්ජනයක – පාඨලී අනතුරු අඟවයි! NPP ගිවිසුම් නිසා ලංකාව ජිහාඩ් තර්ජනයක – පාඨලී අනතුරු අඟවයි! ඉන්දියානු ගිවිසුම් හෙළි කළොත් මාලිමාව ආයෙමත් 3%ට වැටෙනවා…! – ඩී.වී.චානක ඉන්දියානු ගිවිසුම් හෙළි කළොත් මාලිමාව ආයෙමත් 3%ට වැටෙනවා…! – ඩී.වී.චානක 

ReeCha