ජනාධිපති අමාත්‍ය මණ්ඩලය සංශෝධනයට පොහොට්ටුව මැදට පනී.?

Basil Rajapaksa Ranil Wickremesinghe Sri Lanka Cabinet Sri Lanka Podujana Peramuna
By Wayomi Jun 21, 2023 07:30 AM GMT
Wayomi

Wayomi

Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නුදුරේදීම සිය අමාත්‍ය මණ්ඩලය සංශෝධනය කිරීමට අපේක්ෂා කරන බවයි වාර්තා වන්නේ.

ඒ, ප්‍රධාන අමාත්‍යාංශ කිහිපයක බලාපොරොත්තු සුන් කරවන වාර්තා සහ ඇතැම් අමාත්‍යවරුන්ගේ කාර්ය සාධනය අසාර්ථක වීම හේතුවෙන්.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ආණ්ඩු පක්ෂ අතර පසුගිය සති කිහිපය තුළ කැබිනට් සංශෝධනයක් පිළිබඳ සාකච්ඡා පැවැත්වුණත් එය ප්‍රමාද වීමට එකම හේතුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අමාත්‍ය ධුර ඉල්ලීම බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

ආරංචි මාර්ග සඳහන් කළේ ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර මෑත කාලීන රැස්වීම්වලදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැපී පෙනෙන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට අමාත්‍යාංශ ලබා දෙන ලෙස රාජපක්ෂ සහ ඔහුගේ කඳවුරෙන් ඉල්ලීම් ලැබී ඇති බවයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා පවසන්නේ පවතින දුෂ්කරතා සහ ආර්ථික අර්බුද මධ්‍යයේ කටයුතු කළ හැකි මන්ත්‍රීවරුන්ට පමණක් අමාත්‍ය ධුර ලබා දෙන බවයි. එලෙස ආදේශ වීමට ඉඩ ඇති ප්‍රධාන අමාත්‍යවරුන් වන්නේ සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ජනමාධ්‍ය අමාත්‍යවරයායි.