පල්ලමේ ගිය බසය ප්‍රපාතයේ එල්ලී නවතී...

By Hashini May 14, 2025 09:23 AM GMT
Report

 නුවරඑලියේ සිට මඩකලපුව දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අනතුරට පත් වී තිබෙනවා.

එම බස් රථයේ ගමන් ගත් සිව් දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කල බව වලපනේ පොලිසියේ නිළධාරියෙකු පැවසුවේ.

මෙම අනතුර සිදු වී ඇත්තේ නුවරඑලිය වලපනේ ප්‍රධාන මාර්ගයේ මහඌව වංගුව ප්‍රදේශයේදිය.

අධිකරණයට භාර වුනු ටීචර් අම්මට ඇප..

අධිකරණයට භාර වුනු ටීචර් අම්මට ඇප..

මඩකලපුව ප්‍රදේශයේ සිට නුවරඑලිය ප්‍රදේශයේ සංචාරයක පැමිණ ආපසු මඩකලපුව දක්වා එම පිරිස රැගත් බස් රථය ධාවනය කරවන අවස්ථාවේ බස් රථයේ ඉදිරිපස වම් රෝදය ගැලවී යාමෙන් පසු බස් රථය රියදුරුගේ පාලනයෙන් මිදි බස් රථය මාර්ගයේ වම් පස කන්දක ගැටී බස් රථය නතර වී ඇත.

ප්‍රදේශවාසීන් කියා සිටින්නේ බස් රථය අනතුරට පත් ස්ථානය අධික බෑවුම් සහ වංගු සහිත මාර්ගයක් බවයි.

බස් රථය අනතුරට පත් වන අවස්ථාවේ බස් රථය තුල මගීන් 60 දෙනෙකු පමණ සිටි බව ප්‍රදේශවාසීන් කියා සිටියේය. සිද්ධිය පිලිබඳ වලපනේ පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වනු ලබනවා.

මන්ත්‍රී අර්ච්චුනාට මන්ත්‍රී අසුන අහිමි වෙයිද ?

මන්ත්‍රී අර්ච්චුනාට මන්ත්‍රී අසුන අහිමි වෙයිද ?