පොලිස් යතුරුපැදියක් යට කල බස් ඩ්‍රයිවර් අත්අඩංගුවට ..

By Piyumika Jul 16, 2024 02:49 AM GMT
Report

මීගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව රථ වාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් දෙදෙනෙකු යතුරු පැදියක ගමන් කරමින් සිටියදී දික්හැතැප්ම ප්‍රදේශයේ දී අනතුරට ලක් කල පෞද්ගලික බස් රථයක රියදුරු අත් අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පැවසීය .

මල්ලි එක්ක එකතු වෙලා අපූරු නාට්‍යක් රග පෑ බිරිද මාට්ටු..

මල්ලි එක්ක එකතු වෙලා අපූරු නාට්‍යක් රග පෑ බිරිද මාට්ටු..

මෙම අනතුරින් මීගොඩ පොලිසියේ පැදිකරු ලෙස කටයුතු කල රථ වාහන අංශයේ පොලිස් කොස්තාපල් නලින්ද යන අයගේ දකුණු පාදය කැඩී ඇති බවත් පසු පැදිකරු ලෙස සිටි පොලිස් කොස්තාපල් නිරෝෂන් යන අයටද තුවාල සිදුව ඇතැයි ද පොලිසිය පවසයි .

අනතුර වලක්වා නොගැනීම සම්බන්ධයෙන් කොළඹ බදුල්ල පෞද්ගලික බස් රථයේ රියදුරු වන බණ්ඩාරවෙල ලියන්ගහවෙල අඩවිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 44 හැවිරිදි බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

මාරාන්තික රෝගයක් හේතුවෙන් බන්ධනාගාර කටයුතු සීමාවේ..නව රැදවියන් වෙනත් බන්ධනාගාර වලට මරු කරයි..

මාරාන්තික රෝගයක් හේතුවෙන් බන්ධනාගාර කටයුතු සීමාවේ..නව රැදවියන් වෙනත් බන්ධනාගාර වලට මරු කරයි..

සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මීගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ප්‍රියන්ත මහතා විසින් පරීක්ෂණ පැවැත්විය.