වර්තමාන ආණ්ඩුව බටලන්ද වාර්තාව ඉදිරිපත් කරමින් කුණු කන්දක් උඩට අරන්
By Mithu
වත්මන් ආණ්ඩුව බටලන්ද වාර්තාව ඉදිරිපත් කරමින්, කුණු කන්දක් උඩට ගෙන ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා.
මෙම බටලන්ද කොමිෂන් සභා වාර්තාව මුලින්ම සභාගත කරන්නේ 2001 වසරේදී බවත්, එවිට වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයෙක් ලෙස පත්ව සිටි බවත්, ඔහු ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් 10 දෙනෙකු සිටි බවත්, ඔවුන් කිසිවෙක් බටලන්ද ගැන කතා නොකළ බවයි අද (10) පාර්ලිමේන්තුවේ බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් වන විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
ආණ්ඩුව බටලන්ද ගැන කතා කිරීමට ගත්තේ පළාත් පාලන මැතිවරණයේදී ජනතාව යළි උද්යෝගිමත් කර ගැනීමේ අරමුණින් බවත්, අතීතය කතා කිරීමට ගියහොත්, කාගේ කාගේ වුවද කුණු ඇවිස්සෙන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.