"මාව බලාගත්තු ගම බලාගන්න" - තරුෂි රටින්ම ඉල්ලයි

Report

මෑතකදී ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 800 ඉසව්වේදී රන් පදක්කම දිනාගෙන ශ්‍රී ලංකාවට ආඩම්බරයක් ගෙන දුන් තරුෂි කරුණාරත්න, පැරිස් ඔලිම්පික් උළෙලටද සුදුසුකම් ලබාගෙන රටේ අවධානය දිනාගත් ක්‍රීඩිකාවකි.

ඇගේ සිහින් සිරුරේ ඇති අධිෂ්ඨානශක්තියට රටේ බොහෝ පුරවැසියන් ආශිර්වාද කළ අතර, ඇයව සහෝදරියක්, දියණියක් මෙන් සලකමින් සටන් කළහ.

එහෙත් අද ඇගේ ගම වන මහනුවර උඩුදුම්බර ප්‍රදේශය දිට්වා සුළි කුණාටුවෙන් බරපතල ආපදාවකට ලක්ව ඇති අතර, එහි ජනතාව ජීවිතය ගැනම අවිනිශ්චිත තත්ත්වයක පසුවෙති. නිවාස, වතුපිටි, ගේදොර සියල්ල අහිමි වූ මිනිසුන් මෙන්ම, අතුරුදහන් වූවන් සහ අකාලයේ ජීවිත අහිමි වූවන් බොහෝමයක් තරුෂි දැක ඇති, කතාබහ කර ඇති ආදරණීය ගම්වැසියන්ය. 

"මාව බලාගත්තු ගම බලාගන්න" - තරුෂි රටින්ම ඉල්ලයි | Tharushi Urges Nation To Protect Her Village

අන්තර්ජාලය හරහා සිය ගමේ තත්ත්වය ගැන කතා කරමින් තරුෂි පැවසුවාය;

"ගම්වල මිනිස්සු එකිනෙකාට ගොඩක් කිට්ටුයි. ඒ නිසා ඉතිං පොඩි කාලේ ඔය හුඟ දෙනෙක් මාව ඩාගෙන හුරතල් කරලා එහෙම ඇති. දැන් ඒ පැත්තෙම අවතැන් වූ මිනිස්සු ඉන්නෙ මම ඉස්සෙල්ලම ගිය ස්කෝලෙ නවත්තලා. චූලාභය විද්‍යාලය. මම, අයියා, නංගි ඔක්කොම ඉස්සෙල්ලම ගිය ස්කෝලෙ ඒක"  

ඇගේ ස්වරය තරගයක් අවසන් කර තවමත් හුස්ම ගන්නා තරුණියකගේ මෙන් දැඩි වුවද, සැසලෙන සුළුය.

"විපතට පත් වෙලා ඉන්න ඔක්කොම අපේ නෑයො. ළඟින්ම දන්න හිතවත්තු. කරදර පටන් ගන්න කොටම සංනිවේදන සම්බන්ධතාත් ඇණ හිටිලා තියෙනවා. ඒත් තාත්තල ගිහිං අපට පුළුවන් විදිහට සමීපතම නෑයො එළියට අරගෙන ආවා. පුළුවන්නම් ඔක්කොම අරගෙන එනවා. ඒත් එහෙම බැහැනෙ. හැමෝම ගැන දුකයි. ඒ මට ආදරය කරපු මාව බලාගත්තු ගම. මම රටෙන්ම ඉල්ලන්නෙ මාව බලාගත්තු ගම බලාගන්න කියලයි. එයාලට උදව් කරන්න"

තරුෂිගේ මෙම ඉල්ලීම රටේ බොහෝ දෙනෙකුගේ හදවත් ස්පර්ශ කර ඇති අතර, ඇගේ ගමට සහ ආපදාවට ලක්වූ සියලුම ප්‍රදේශවලට කඩිනම් සහන ලබාදෙන ලෙස බලධාරීන්ට බලපෑම් එල්ල වෙමින් පවතී.

රුසියානු ජනපති ව්ලැද්මීර් පුටින්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

රුසියානු ජනපති ව්ලැද්මීර් පුටින්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

‘ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීම’ වැඩසටහන පිළිබඳ ජනාධිපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

‘ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීම’ වැඩසටහන පිළිබඳ ජනාධිපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්