ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායමේ තර්ජනාත්මකම ක්‍රීඩිකාවගෙන් දැඩි තීරණයක්..!(PHOTOS)

Netball Sri Lanka
By Sewvandhi Aug 08, 2023 02:52 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ප්‍රමුඛ පෙළේ ක්‍රීඩිකා තර්ජිනී සිවලිංගම් (Tharjini Sivalingam) ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායමෙන් ඉවත් වීමට තමන් තීරණය කළ බව  ප්‍රකාශ කර තිබෙනවා.

ඇයගේ නිල සමාජ මාධ්‍ය පිටුව වෙත පණිවිඩයක් තබමින්, ඇය මේ බව ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් පිටරට පැවැත්වෙන නෙට්බෝල් තරඟාවලි සඳහා තමන් තවදුරටත් සහභාගී වන බවද ඇය නිවේදනය කර ඇති බවයි වාර්තා වන්නේ.

 මේ අතර සිය, විශ්‍රාම ගැන්වීම සම්බන්ධයෙන් ඉදිරියේදී නිල ප්‍රකාශයක් කරන බවද ඇය සඳහන් කරනවා. අඩි 6යි අඟල් 9ක් උස මෙම ක්‍රීඩිකාව ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායමේ සිටින උසින් වැඩිම ක්‍රීඩිකාවයි.

පසුගිය වසරේ පැවැති ආසියානු දැල්පන්දු තරගාවලිය ජයගත් ශ්‍රී ලංකා පිලට තර්ජිනී සිවලිංගම් වැදගත් කාර්යභාරයක් ඉටු කල අතර ඇය ලංකාවෙන් පිටත කණ්ඩායම්වලට තර්ජනාත්මක ක්‍රීඩිකාවක් බවටද පත් වුණා.

2017 වසරේ ඕස්ට්‍රේලියානු සිටි වෙස්ට් ෆැල්කන්ස් දැල්පන්දු සමාජයෙන් ශිෂ්‍යත්වයක් ලැබූ ඇය City West Falcons සමාජයට ක්‍රීඩා කරමින් විදේශීය දැල්පන්දු සමාජයකට ක්‍රීඩා කළ එකම ශ්‍රී ලාංකිකයා බවටද පත් වීම විශේෂත්වයක්.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha