සරුංගල් යවමින් සිටි සමීර මාරයා ඩැහැගනී

kite thabuththegama gurugama sameera prasad fell the well
By Sewvandhi Jul 21, 2021 10:18 AM GMT
Sewvandhi

Sewvandhi

Report

තඹුත්තේගම ගුරුගම ප්‍රදේශයේ, 9 හැවිරිදි දරුවෙක් සරුංගල් යවමින් සිටිය දී වගා ළිඳකට වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.

සෑම උදෑසනක ට පුරුද්දක් ලෙස සරුංගල් යවමින් දිනය ආරම්භ කරන සමීර ප්‍රසාද් රත්නායක නම් එම දරුවා එදින ද සුපුරුදු පරිදි වෙල්යාය ට ගොස් ඇත්තේ සරුංගල් යැවීම සඳහා ය.

දරුවා බොහෝ වේලාවක් නිවසට නොපැමිණීම හේතුවෙන් කලබලයට පත් දෙමාපියන් ඔහු සොයා ගොස් ඇති අතර, සරුංගලයේ නූල දැක වගා ළිඳ තුළ පරීක්ෂා කර තිබේ.

ඥාති පුද්ගලයෙක් ළිඳට බැස බැලීමේ දී දරුවා අඩි 20ක් පමණ ගැඹුරු වගා ළිං පත්ලේ සිර වී සිට ඇති අතර, පසුව ඉන් ගොඩ ගෙන ඇත.

පසුව සමීර ව තඹුත්තේගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැත් ඒ වන විටත් ඔහු ජීවිතයට සමුදී සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

You may like this video-:


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now