ටෙක්සාස් ගංවතුරෙන් මිය ගිය ගණන 109 දක්වා ඉහළට - 161 අතුරුදන්

Report

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට බලපෑ ගංවතුර තත්ත්වයෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 109ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තවත් පුද්ගලයින් 161 දෙනෙකු අතුරුදන් වී ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ.

මියගිය පිරිස අතර ළමා කඳවුරක සිටි ගැහැණු ළමුන් 27 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය වන බවට වාර්තා වනවා.

එරට ජාතික කාලගුණ සේවය අනතුරු අඟවා ඇත්තේ අදාළ ප්‍රදේශයේ කාලගුණ තත්ත්වය ඉදිරියටත් අයහපත් වනු ඇති බවටයි.

ඉන්ධන බෙදා හැරීමේ අර්බුදයක්?

ඉන්ධන බෙදා හැරීමේ අර්බුදයක්?

නව මෙක්සිකෝ ප්‍රාන්තයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වයක් ඇති හේතුවෙන් නිවාස රැසක් හානියට පත්ව ඇති බව සඳහන්ය.

විදෙස් වාර්තා පවසන්නේ එම ප්‍රදේශයේ පියෙකු සහ දරුවන් දෙදෙනෙකු ගංවතුරට ගසාගෙන ගොස් ඇති බවයි.

ජීවිත හානි වැඩි වීමත් සමඟ ගංවතුර පිළිබඳ අනතුරු ඇඟවීම් නිසි පරිදි ලබා දී තිබේද යන්න පිළිබඳව ගැටළු සහගත තත්ත්වයක් මතුව ඇති බවයි විදෙස් වාර්තා පවසනවා.  

දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මෙක්ට මෙහෙමත් කියනවද? තිසර පෙරේරාගේ බිරිදට පළමු බිරිද කියන කතා

දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මෙක්ට මෙහෙමත් කියනවද? තිසර පෙරේරාගේ බිරිදට පළමු බිරිද කියන කතා