ටෙස්ට් තරගය නැරඹීමට අවසර හිමිවන හැටි

srilanka cricket sports srilankanews
By Gagana Nov 24, 2021 01:52 AM GMT
Gagana

Gagana

Report

සීමා කිරීම්වලට යටත්ව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව් – ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය නැරඹීම සඳහා අද (24) සිට ප්‍රේක්ෂකයින්ට අවසර ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව, පූර්ණ එන්නත්කරණයට ලක්වූ ප්‍රේක්ෂකයින්ට (ගාල්ල ක්‍රීඩාංගණයේ ආසන ධාරිතාවෙන් 50%කට) තරගය නැරඹීමට පැමිණිය හැකියි.

මීට අමතරව තරගය නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයින් එන්නත්කරණයට ලක් ව ඇති බවට වන සාක්ෂියක් (එන්නත්කරණ කාඩ්පත) ඉදිරිපත් කළ යුතු වනවා.

ක්‍රීඩාංගණයට ඇතුල්වීමට අවම වශයෙන් දින 14 කට පෙර, 2 වන එන්නත ද ලබාගෙන තිබිය යුතුයි. සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය අදයි. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයට ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් ඊයේ තරගය දිවා විවේකයෙන් පසු ආරම්භ කිරිමට හැකිවුනේ නැහැ.

03 වන දිනයට තරගය නිමා කරන විට කඩුලු 09 ක් දැවී කොදෙව් පිළ රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 224 ක්. රමේෂ් මෙන්ඩිස් හා ප්‍රවීන් ජයවික්‍රම කඩුළු 3 බැගින් දවාගත්තා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

JOIN NOW


ReeCha