ප්‍රභූ ඉලක්ක වලට ත්‍රස්ත ප්‍රහාරයක අවධානමක්..රට පුරා ආරක්ෂාව තරකයි..04 ක් කොටුවෙයි.
ක්‍රිකට් සංචාරය අවලංගු කිරීමට හේතු වූ ත්‍රස්ත තර්ජනය නවසීලන්ත සහ එංගලන්ත ක්‍රිකට් සංචාරය අවලංගු වීම, තලේබාන් කොඩි එසවීම සහ මෑතක එල්ල වූ ත්‍රස්ත තර්ජන හේතුවෙන් උද්ගත වූ කලබලකාරී වාතාවරණය මධ්‍යයේ පාකිස්තාන ආරක්ෂක අංශ විසින් පුද්ගලයන් සිවුදෙනකු අත්අඩංගුවට ගනු ලැබීය.
පන්ජාබ් පළාතේ ත්‍රස්ත මර්දන නිලධාරීන් ලාහෝර් නුවරදී මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනාගේ නම් මුහම්මද් මුෂ්තාක්, සහම් උල්ලා, අදිල් ජමාල් සහ ඔසාමා කාලිඩ් බව විමර්ශන නිලධාරීන් අනාවරණය කර තිබේ.
මෙම පුද්ගලයන් සිව්දෙනාම කරච්චි නුවර පදිංචිකරුවන් වන අතර ඔවුන් ප්‍රභූන් ඉලක්ක කර ප්‍රහාර සැලසුම් කර ඇතැයිද නිලධාරීහු පවසති.
ත්‍රස්ත මර්දන නිලධාරීන් ඔවුන් සතුව තිබී අධිබලැති පුපුරන ද්‍රව්‍ය සොයාගෙන තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව මෑතකදී නවසීලන්තය සහ එංගලන්ත ක්‍රිකට් සංචාර අවලංගු කිරීම් සඳහාද මෙම ත්‍රස්ත තර්ජන හේතු වී ඇත. මේ වනවිටත් සින්ද් පළාතේ ත්‍රස්ත ප්‍රහාර සිදුවිය හැකි බවට බුද්ධි අංශ අනතුරු අඟවා තිබේ.
මෙම කඩාකප්පල් ක්‍රියා පිළිබඳ අනතුරු ඇඟවීම් ගැන සින්ද් පළාතේ පොලිස් ප්‍රධානියා චක්‍රලේඛයක් මගින් සිය ඉහළ නිලධාරීන්ව දැනුවත් කර ඇතැයිද එරට ජනමාධ්‍ය වාර්තා කරයි.
එම අනතුරු ඇඟවීම් මත රට පුරාම පොදු ස්ථානවල ආරක්ෂාව තහවුරු කරන ලෙසට දැනටමත් නියෝග නිකුත් වී තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |