මාලිමාවේ මන්ත්‍රී කෙනෙක්ටත් බිහිසුණු රිය අනතුරක්

Sri Lanka Politician Accident National People's Power - NPP Sinhala news Breaking News
By Kaushi Jun 27, 2025 01:01 PM GMT
Kaushi

Kaushi

Report

ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නන්ද බණ්ඩාර මහතා ධාවනය කළ මෝටර් රථය හෙනගම නගරයේ දී අධිබලැති විදුලි කණුවක ගැටී අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ.

එම අනතුරින් තුවාල ලැබූ මන්ත්‍රීවරයා මාවනැල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

මෙම අනතුර ඊයේ (26) දින රාත්‍රී 11.30ට පමණ සිදුව ඇත. මේ අතර අනතුරින් පසුව හෙම්මාතගම නගරයට මෙන්ම අවට ප්‍රදේශ කිහිපයකට විදුලිය විසන්ධි වී ඇති බවත් වාර්තා වේ.

කෙසේ වෙතත් විදුලි පාරිභෝගික මධ්‍යස්ථානයේ නිලධාරීන් පැමිණ අඳාළ මාර්ගයට වැටී ඇති විදුලි රැහැන් ආරක්ෂිතව ඉවත් කර විදුලිය ලබාදීමට කටයුතු කර ඇත. මෙම අනතුරින් මන්ත්‍රීවරයාගේ දිවි බේරී ඇත්තේ එයාර් බෑග් එක විවෘත වීමෙන් බව ද පවසයි.

බිහිසුණු මාරක අනතුරකින් පාසල් සිසුවියන් 54 බේරෙයි

බිහිසුණු මාරක අනතුරකින් පාසල් සිසුවියන් 54 බේරෙයි

මේ සම්බන්ධයෙන් රෝහල්ගත වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නන්ද බණ්ඩාර මහතා පැවසුවේ,

"දින හතරක් පමණ එක දිගට පක්ෂයේ සහ ජනතාවගේ විවිධ කටයුතු වෙනුවෙන් මහන්සි වී වැඩ කිරීමට සිදුවුණා. මාගේ පක්ෂ කාර්යාලය අරණායක තියෙන්නේ. සාමාන්‍යයෙන් එහි වැඩ ඉවර කරලා මම නිවසට එනකොට මධ්‍යම රාත්‍රීය වෙනවා. රියදුරා අරණායක ප්‍රදේශයේ කෙනෙක් නිසා මම ඔහු එක්කරගෙන එන්නේ නැහැ. කිලෝමිටර් 8ක පමණ දුර හැමදාම පදවාගෙන නිවසට එන්නේ මම තනිවම. මේ අනතුර වුණේ නින්ද ගිහින්. හැපෙනකොට තමයි දන්නේ අනතුරක් වුණා කියලා. නමුත් ඒ වන විට මම පැමිණියේ ඊට වඩා අපහසු මාර්ගයක. නිවස පෙනිපෙනී තමයි මේ අනතුර සිදුවුණේ. පොලීසියත් ආවා විදුලි බලමණ්ඩලයේ වගකිව යුතු නිලධාරීන් ආවා. හානි වූ විදුලි කණුවට ගෙවන්න ඇස්තමේන්තු සකස් කරලා දෙන්න කිව්වා. එතෙන ගැටලුවක් නැති නිසා වාහනය පටවාගෙන ගරාජ් එකට අරන් ගියා."

ප්‍රචණ්ඩ සුනාමියක් ගැන භයානක අනාවැකියක්

ප්‍රචණ්ඩ සුනාමියක් ගැන භයානක අනාවැකියක්

ReeCha