ඩොනාල්ඩ් ට්‍රම්ප් නැවතත් ජයගනී - ආයේ ට්‍රම්ප්ගේ තීරණ සීමා කරන්න බෑ
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට හා ඔහුගේ පරිපාලනයට ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකි තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇත.
මෙම තීන්දුව අනුව, තනි ෆෙඩරල් විනිසුරුවකුට ජනාධිපතිවරයාගේ විධායක ක්‍රියාමාර්ග අවහිර කිරීමට ඇති බලය සීමා කිරීමට නියමිතය. 6-3 යන ඡන්ද ප්‍රතිඵලය මත ලබාදුන් මෙම තීන්දුව, උපත් අයිතිය මත පදනම්ව පුරවැසිභාවය ලබා ගැනීම සම්බන්ධ නඩුවකට අදාළවයි.
මෙම තීන්දුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කර තිබුණේ, රට පුරා ෆෙඩරල් විනිසුරුවන් නිකුත් කළ වාරණ නියෝග කිහිපයක්, කොංග්‍රසය විසින් අධිකරණවලට පැවරූ බලය ඉක්මවා යෑමක් බවයි.
එහෙත්, උපත් අයිතිය මත පදනම්ව පුරවැසිභාවය ලබා ගැනීම සම්බන්ධයෙන් ට්‍රම්ප් මහතා විසින් නිකුත් කළ විධායක නියෝගය ව්‍යවස්ථානුකූලද නැද්ද යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය තවමත් පැහැදිලි තීන්දුවක් ලබාදී නොමැති බවද වාර්තා වේ.
