ඉන්ධන බවුසරයක් එහෙම් පිටින්ම පෙරලෙයි

Sri Lanka Police Sri Lanka Accident Sinhala news Breaking News
By Kaushi Jun 27, 2025 02:46 PM GMT
Kaushi

Kaushi

Report

අද (27) අලුයම කිලිනොච්චිය පුනරීන් මාර්ගයේ කුඩමුරිට්ටි ප්‍රදේශයේදී ඉන්ධන බවුසරයක් පෙරලීම නිසා එහි රැගෙන ගිය ඉන්ධන විශාල ප්‍රමාණයක් විනාශ වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව අඳාළ ඉන්ධන බවුසරය මුතුරාජවෙල සිට කිලිනොච්චිය ඔස්සේ පුනරීන් මර්ගයේ යාපනය කන්කසන්තුරෙයි තෙක් ධාවනය වූ අවස්ථාවේදී මෙසේ පෙරලී ඇති බව සඳහන්.

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

මෙසේ ඉන්ධන බවුසරය පෙරලීම නිසා එහි සිටි රියදුරුට සුළු තුවාල සිදුව තිබෙනවා.

එසේම පෙරලීමෙන් බවුසරයටද දැඩි ලෙස හානි සිදුව ඇති බව වාර්තා වේ.

මේ අතර ඉන්ධන බවුසරය පෙරලීම නිසා එහි රැගෙන යමින් තිබූ ඉන්ධන තොග විශාල ප්‍රමාණයක් ඉවතට ගොස් විනාශ වී ඇති බව පවසයි.

බිහිසුණු මාරක අනතුරකින් පාසල් සිසුවියන් 54 බේරෙයි

බිහිසුණු මාරක අනතුරකින් පාසල් සිසුවියන් 54 බේරෙයි

එමෙන්ම උදෑසන කාලයේදී ප්‍රදේශවාසීන් කාන්දු වූ ඉන්ධන තොග රැස් කොට රැගෙන යාමටද පියවර ගෙන ඇති බව සඳහන්.

මෙසේ ඉන්ධන බවුසරය පෙරලීමට හේතුව තවමත් හෙළි වී නැති බව පවසයි.

පරික්ෂණ සිදුකරන කිලිනොච්චිය පොලීසිය පවසන්නේ පොලිසිය සැක කරන්නේ රියදුරුට වේගය පාලනය කරගැනීමට නොහැකි වීමෙන් මෙසේ බවුසරය පෙරලී යන්නට ඇති බවයි.

ප්‍රචණ්ඩ සුනාමියක් ගැන භයානක අනාවැකියක්

ප්‍රචණ්ඩ සුනාමියක් ගැන භයානක අනාවැකියක්

ReeCha