නාමල්ගේ රැස්වීමක් තියන්නත් කළින් උණුසුම් - පොහොට්ටු කොඩි මාලිමාවෙන් ගලවන් ගිහින්

Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (4) දින කුරුණෑගලදී පැවැත්වීමට නියමිතව ඇති රැස්වීමක් සම්බන්ධයෙන් බාධා කිරීම් සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන බව සඳහන්.

ඒ අනුව අඳාළ රැස්වීම පැවැත්වීමට නියමිතව ඇත්තේ කුරුණෑගල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදීයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන නියෝජිතයින් සහ කොට්ඨාස ක්‍රියාකාරීන්ගේ හමුවක් වශයෙන් මෙ‍ය සංවිධානය කර ඇත.

විමල් වීරවංශ අත්අඩංගුවට? - රාජපක්ෂ පවුල බේරගන්න උත්සහයක

විමල් වීරවංශ අත්අඩංගුවට? - රාජපක්ෂ පවුල බේරගන්න උත්සහයක

ඒ අනුව වාර්තා වූයේ රැස්වීම සඳහා අවශ්‍ය සැරසිලි කටයුතු ඊයේ රාත්‍රියේදී එම ස්ථානය ආසන්නයේ සිදුකර ඇති බවයි.

ලබා දී ඇති පැමිණිල්ලට අනුව මෙසේ සවිකර තිබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොඩි ඇතුළු සැරසිලි කණ්ඩායමක් මඟින් ගලවාගෙන ගොස් තිබෙන බවයි.

එනිසා මෙම සැරසිලි ඉවත් කර ඇත්තේ කුරුණෑගල ප්‍රාදේශීය සභා සභාපතිවරයා ඇතුළු පිරිසක් මඟින් බවට චෝදනා කරමින් ඔවුන් මෙම පොලිසියට පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

කෙසේ වෙතත් මෙම පැමිණිල්ල සිදු කර ඇත්තේ එම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු සභාපතිවරයෙක් මඟින්.  

සියලු දේ අහිමි වෙද්දී මහින්ද වෙඩි නොවදින රථයත් බාර දෙයි

සියලු දේ අහිමි වෙද්දී මහින්ද වෙඩි නොවදින රථයත් බාර දෙයි

ජනාධිපති වැය ශීර්ෂය ගැන BBC එකෙන් කිව්වේ බොරු - මුදල් නි. ඇමති

ජනාධිපති වැය ශීර්ෂය ගැන BBC එකෙන් කිව්වේ බොරු - මුදල් නි. ඇමති