ජනාධිපති වැය ශීර්ෂය ගැන BBC එකෙන් කිව්වේ බොරු - මුදල් නි. ඇමති

Report

මෑතකදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2025 වර්ෂය වෙනුවෙන් වන විසර්ජන පණත් කෙටුම් පත පිළිබඳව බීබීසී නාලිකාව සිදු කර තිබූ අර්ථ නිරූපනයක් සම්බන්ධයෙන් මුදල් නියෝජ්‍ය ඇමති අනිල් ජයන්ත මහතා පැහැදිලි කිරීමක් සිදු කර ඇත.

ඒ අනුව මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ අමාත්‍යංශ මඟින් ඉදිරිපත් කරන ලද විවිධ වැය ශීර්ෂයන්හි තොරතුරු ඇසුරින්, සමාජය නොමග යවන වැරදි ප්‍රවෘත්තියක් මේ වන විට ප්‍රචාරණය වන බවයි. තවද එම සංසන්දනය කිරීම ඉතාමත් වැරදි බවත් ඔහු කියයි.

මෙසේ ප්‍රචාරය වන ප්‍රවෘත්තියට අනුව, ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය 2025ට සාපේක්ෂව තුන් ගුණයකින් වැඩි කර ඇති බව දක්වයි.

ජනපති අනුරගේ වැය ශීර්ෂය මෙන්න රනිල්ට වඩා 72%කින් වැඩියිලු

ජනපති අනුරගේ වැය ශීර්ෂය මෙන්න රනිල්ට වඩා 72%කින් වැඩියිලු

එනිසා මුදල් නියෝජ්‍ය ඇමතිවරයා අවධාරණය කරන්නේ මෙම ගණනය කිරීමට පාදක කරගත් පදනම වැරදි බවයි.

ඒ අනුව 2025 විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමේදී රුපියල් බිලියන 2.9ක් (මිලියන 2900ක්) වශයෙන් මෙහි දක්වා තිබෙනවා.

එහෙත් මෙම මිලියන 2900 යනු 2025 වර්ෂයේදී අයවැය යෝජනාවලින් ඇතුළත් විය යුතු සංඛ්‍යා මිස අවසාන වෙන් කිරීම නොවන බවත් 2025 වර්ෂයේ නිවැරදි වෙන් කිරීම බවට පත්වන්නේ රුපියල් මිලියන 9000ක් (බිලියන 9ක්) බවත් ඔහු සඳහන් කරයි.

ඒ අනුව 2025 වර්ෂයේදී වැය ශීර්ෂයට අමතරව ඇතුළත් කරන ලද කාරණා දෙකක් මෙම නිවැරදි කිරීමට හේතු වී තිබෙනවා.

එනම් ජනාධිපති ලේකම් කාර්යාලය ඔස්සේ සිද්ධ කරනු ලබන ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට වෙන් කරන ලද රුපියල් මිලියන 50ක්, පර්යේෂණ, නවෝත්පාදන සහ වාණිජ්‍යකරණය සඳහා වෙන් කරන ලද රුපියල් මිලියන 10ක් ලෙසයි. නියෝජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කරන්නේ වැරදි ප්‍රවෘත්තිය සඳහා සංසන්දනයට යොදාගෙන ඇති 2026 වර්ෂය සඳහා වන රුපියල් 11.37ක (බිලියන) මුදල තුළ, ඉහත සඳහන් කළ ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට සහ පර්යේෂණ සඳහා යන මුදල් ද අන්තර්ගත වන බවයි.

එබැවින් සංසන්දනයට මුලින්ම ඉදිරිපත් කරන ලද සංඛ්‍යාව යොදා ගැනීම තාක්ෂණිකවම වැරදි වන අතර, මෙම වැරැද්ද නිසාම නොමග යවන ප්‍රවෘත්තිය සකස් වී ඇති බවත් කියයි.

ගුරුවරු විදුහල්පතිවරු බයවෙන්න එපා මේකයි ඉස්සරහට වෙන්නේ නීතිය අපි නෙමෙයි හැදුවේ

ගුරුවරු විදුහල්පතිවරු බයවෙන්න එපා මේකයි ඉස්සරහට වෙන්නේ නීතිය අපි නෙමෙයි හැදුවේ

විමල් වීරවංශ අත්අඩංගුවට? - රාජපක්ෂ පවුල බේරගන්න උත්සහයක

විමල් වීරවංශ අත්අඩංගුවට? - රාජපක්ෂ පවුල බේරගන්න උත්සහයක