අරලියගහ මන්දිරය අසල විරෝධයට පහර දුන් පුද්ගලයෙකු ගැන අනාවරණයක්..!

Report

අද (15) උදෑසන මොරටුව, මොරටු වැල්ල ප්‍රදේශයේ දී ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ සැකකරුවෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ, අදාළ සැකකරු පසුගිය මැයි මස 9 වන දින අරලියගහ මන්දිරය ඉදිරිපිට සිටි විරෝධතාකරුවන්ට පහරදුන් බවට අනාවරණය වී ඇති බවය.

එම පුද්ගලයා අවුරුදු 49ක් වූ මොරටුව නගරසභාවේ සේවකයෙකු බවට පරීක්ෂණවලදී වැඩිදුරටත් කරුණු අනාවරණය වූ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now