මුලින්ම අපයෝජනය කළේ පුදබිමේ විහාරාධිපති හිමිනමක් බවට දැරියගෙන් ප්‍රකාශයක් - මවුපියන් සැරින් සැරේ සල්ලිත් අරන්

Report

අනුරාධපුර පුදබිමේ පිහිටි විහාරස්ථානයක හිමිනමක් ඇතුළු තිදෙනෙකු විසින් 15 හැවිරිදි බාලවයස්කාර දැරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියට අදාළව විමර්ශන වාර්තා ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ දින නියෝග කර තිබුණා.

ඒ අනුව නඩුවට අදාළ නඩු භාණ්ඩ රජයේ රස පරීක්ෂක වෙත යොමු කර එහි වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත් සියපත් සසිඳු චිත්‍රමරත්න මහතා නියෝග කළා.

එසේම විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ගම්පහ කොට්ඨාස පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට නියම කර ඇත.

මේ අතර සහාකාර පොලිස් අධිකාරිවරයෙකු ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් අනුරාධපුරයට ගොස් චෝදනා ලැබ සිටින විහාරාධිපති හිමියන්ගෙන් පැය තුනකට අධික කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

WhatsApp සහ Facebook භාවිතා කරන්නන්ට දැඩි අනතුරු ඇඟවීමක් - වහාම දැනුවත් වී ප්‍රවේශම් වෙන්න

WhatsApp සහ Facebook භාවිතා කරන්නන්ට දැඩි අනතුරු ඇඟවීමක් - වහාම දැනුවත් වී ප්‍රවේශම් වෙන්න

එසේම සිද්ධිය වූ ස්ථානය පරීක්ෂා කිරීමට වින්දිත දැරිය ද අනුරාධපුරයේ අදාළ විහාරස්ථානය වෙත රැගෙන ගොස් ඇති බව සඳහන්. නිට්ටඹුව ප්‍රදේශයේ ලැගුම්හලක සිය පෙම්වතා සමඟ රැඳී සිටියදී පොලිස් භාරයට ගත් අඳාළ දැරිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමෙන් අනතුරුව ඇය අවස්ථා කිහිපයකදී දූෂණයට ලක්ව ඇති බව අනාවරණය වී ඇත.

එමෙන්ම ප්‍රශ්න කිරීම්වලදී දැරිය විසින් තමන් මුලින්ම අපයෝජනයට ලක් කළේ අනුරාධපුර පුදබිමේ විහාරාධිපති හිමිනමක් බව පවසා ඇති බව වාර්තා වේ. අනතුරුව ඇයගේ පෙම්වතා සහ ඥාතියෙකු විසින් ද ඇයව අපයෝජනය කර ඇති බව හෙළිව තිබෙනවා.

කෙසේ වෙතත් දැරියගේ මවුපියන් අදාළ විහාරාධිපති හිමියන්ගෙන් වරින් වර විශාල මුදලක් ලබාගෙන ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. මේ වන විට අඳාළ දැරිය විශේෂ ළමා නිවාසයක ආරක්ෂාව යටතේ රඳවා සිටින බව සඳහන්.

අනේ මම යද්දි මගේ තාත්තා නෑ මේ ලෝකේ අතහැරලා ගිහිල්ලා‍...හදවතේ කැකෑරෙන වේදනාව වචන කළ ධම්මික ප්‍රසාද්

අනේ මම යද්දි මගේ තාත්තා නෑ මේ ලෝකේ අතහැරලා ගිහිල්ලා‍...හදවතේ කැකෑරෙන වේදනාව වචන කළ ධම්මික ප්‍රසාද්

තව අවුරුදු දෙකක් ඇතුළත කැලණිය විශ්වවිද්‍යාලයට වෙන්නේ මේකයි - කැබිනට් අනුමැතිය හිමි වෙයි

තව අවුරුදු දෙකක් ඇතුළත කැලණිය විශ්වවිද්‍යාලයට වෙන්නේ මේකයි - කැබිනට් අනුමැතිය හිමි වෙයි