ටෙලිකොම් ඇතුළු ප්‍රසිද්ධ ආයතන කීපයක් විකුණනවද නැද්ද යන්න ගැන දැනුම්දෙයි

Report

ශ්‍රී ලංකා ටෙලිකොම්, එයාර් ලංකා, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ ලංකා හොස්පිටල් යන ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතන විකිණීමට පසුගිය රජය ගෙන තිබූ තීරණ ක්‍රියාත්මක නොකිරීමට වත්මන් රජය තීරණය කර ඇති බව නීතිපතිවරයා අද (02) ශ්‍රේෂ්ඨාධිකරණයට නිල වශයෙන් දැනුම් දුන් බව සඳහන් වේ.

ඒ අනුව මෙම ආයතන විකිණීමට එරෙහිව වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද සලකා බැලූ අවස්ථාවේදී, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය මේ බව අධිකරණයට ප්‍රකාශ කළාය.

මේ රාජ්‍ය අංශ Online ක්‍රමේට රාජකාරි - අප්‍රේල් 16,17 Online වැඩ කරන්න සූදානමක්

මේ රාජ්‍ය අංශ Online ක්‍රමේට රාජකාරි - අප්‍රේල් 16,17 Online වැඩ කරන්න සූදානමක්

අචල වෙන්ගප්පුලි, මහින්ද සමයවර්ධන සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබීය.

එහිදී අදාළ පෙත්සම මගින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පසුගිය රජයේ අමාත්‍ය මණ්ඩලය වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබූ අතර, රජය ගත් මෙම නව තීරණයත් සමඟ අදාළ ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ පැවති අවිනිශ්චිතතාවය අවසන් වී ඇති බව නීති ක්ෂේත්‍රයේ විචාරකයෝ පවසති.

ඉහළ ගිය වේගයෙන්ම යළි රන් මිල පහළට - නව අගයන් මෙන්න

ඉහළ ගිය වේගයෙන්ම යළි රන් මිල පහළට - නව අගයන් මෙන්න