පිල්ලෙයාන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග
රැදවුම් නියෝග යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද (2) දින නියෝග කර ඇත.
ඒ අනුව 2006 වසරේ දී නැගෙනහිර පළාතේ උපකුලපතිවරයෙකු අතුරුදහන් වීම සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණවලදී නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙන තෙක් මෙසේ ඔහුව රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බව සඳහන්.