මේ රාජ්‍ය අංශ Online ක්‍රමේට රාජකාරි - අප්‍රේල් 16,17 Online වැඩ කරන්න සූදානමක්
මාර්ගගත ක්‍රමවේද ඔස්සේ එහි රාජකාරී ඉටු කිරීමට අදාළ උපදෙස් මාලාවක් සකස් කර ඇති බව රාජ්‍ය සේවය ක්‍රමානුකූලව පවත්වාගෙන යාම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල කමිටුවේ තෙවන රැස්වීමේ දී ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් දැනුම් දී ඇත.
ඒ අනුව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ එකඟතාවයෙන් එය ක්‍රියාත්මක කිරීමටත් ඒ අනුව 2026 අප්‍රේල් 20 වන දිනට පෙර මාර්ගෝපදේශයට අනුව ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය චක්‍රලේඛ විධිවිධාන නිකුත් කිරීමට සහ අප්‍රේල් 16 සහ 17 යන දිනවල මාර්ගගතව රාජකාරී කිරීමේ හැකියාව සොයා බැලීමටත්, ස්වාධීන කොමිෂන් සභාද මාර්ගගත ක්‍රමවේද ඔස්සේ ක්‍රියාත්මක කිරීම පිළිබඳ දැනුවත් කිරීමටත් මෙහිදී සාකච්ඡා කර ඇති බවයි.
ඊයේ (01) දින රාජ්‍ය සේවය ක්‍රමානුකූලව පවත්වාගෙන යාම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල කමිටුවේ තෙවන රැස්වීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පැවැත්විණි. මේ අතර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මාර්තු 31 වන විට ඩීසල් 42% ක ඉතිරියක් කර ඇති බව ද එහිදී අනාවරණය විය. එමෙන්ම එම අමාත්‍යාංශයේ විදුලිය සහ ජල කළමනාකරණ වැඩසටහන් මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක කරමින් තිබෙන බව මෙහිදී අනාවරණය වී ඇත.
මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් මතුව ඇති අභියෝග හමුවේ ඉන්ධන සහ බලශක්තිය කළමනාකරණය කර ගනිමින් රාජ්‍ය සේවය අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් පසුගිය රැස්වීමේදී ගනු ලැබූ තීරණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය මෙහිදී විමසා බලා තිබුණි. එමෙන්ම අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශ අමාත්‍යාංශ මට්ටමින් ක්‍රියාත්මක වීම සහ එහි ප්‍රගතිය මෙහිදී විශේෂ අවධානයට ලක්ව ඇත.
ඊට අමතරව, අප්‍රේල් 07 සහ 09 යන දිනවල පාසල් මට්ටමින් බලශක්තිය කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමට නියමිත බවත්, විශ්වවිද්‍යාල හැකි ඇතැම් අවස්ථාවන්හිදී මාර්ගගතව ක්‍රියාත්මක වන බවත් මෙහිදී අනාවරණය වී තිබේ.
ග්‍රාම නිලධාරී ප්‍රවේශ විභාගය ඇතුළු විභාග සැලසුම් කර තිබු ආකාරයට පැවැත්වූ බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාශය දැනුම් දුන් අතර, ප්‍රවාහන, ඩිජිටල් ආර්ථික, අධිකරණ ඇතුළු බොහෝ අමාත්‍යාංශ අත්‍යවශ්‍ය සේවක ප්‍රමාණයක් ගෙන්වාගෙන සහ මාර්ගගත ක්‍රමවේද ඔස්සේ සේවා අඛණ්ඩව පවත්වාගෙන යන බව සඳහන් වේ.
රාජ්‍ය ආයතනවල ඉන්ධන සහ බලශක්ති කළමනාකරණය අධීක්ෂණය කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු වූ අතර, ඒ සඳහා රාජ්‍ය ආයතන ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඉතිරි කර ඇති බලශක්ති ප්‍රමාණය මීළඟ කමිටු රැස්වීමට වාර්තා කිරීමටද තීරණය වී ඇත.
මේ අතර, ජල පරිභෝජනය අපතේ යාම වළක්වා ගැනීම සහ විකල්ප ජල මූලාශ්‍ර භාවිතය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ කඩිනම් වැඩසටහනක් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන එක්ව ක්‍රියාත්මක කිරීමටද මෙහිදී සාකච්ඡා විය. තවද, දෛනික බලශක්ති පරිභෝජනය, සංචිත ප්‍රමාණය, රාජ්‍ය සේවක පැමිණීම ආදිය Dashboard එකක් ඔස්සේ ප්‍රදර්ශනය කරමින් අදාළ කටයුතු අධීක්ෂණය කිරීමට සහ තීරණ ගැනීමටද මෙහිදී අවධානය යොමු විය. 2026 අප්‍රේල් 08 වනදා නැවත කමිටුව රැස්වීමටද තීරණය කෙරිණි.