රටේ තත්ත්වය සාමාන්‍යයි කිසි අවුලක් නෑ - ඉරාන ජනාධිපතිගෙන් සහතිකයක්
ඉරානයේ ජනාධිපති පෙසෙෂ්කියන් ‘Pezeshkian’ පවසන්නේ, තම රටට එරෙහි යුද්ධ තත්ත්වය උත්සන්න වූ පසුද, රජයේ සියලු මෙහෙයුම් සාමාන්‍ය ලෙස සිදුවන බවය.
විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, රට පුරා පිහිටි රාජ්‍ය ආයතනවල කාර්යයන් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ඔහු අවධාරණය කරයි.
ජනාධිපතිවරයා ‘X’ සමාජ මාධ්‍ය ජාලය හරහා තබා ඇති සටහනේ සඳහන් කරනුවේ, වත්මන් තත්ත්වය යටතේ මධ්‍යම රජය සහ ප්‍රාදේශීය නායකත්වය අතර සමීප සම්බන්ධතාවයක් පවතින බවත්, ප්‍රහාර තත්ත්වයක් පවතින පසුබිමකද රට පුරා දෛනික ජන ජීවිතයට අදාළ කටයුතු සහ සංවර්ධන ව්‍යාපෘති අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත් සහතික කර තිබේ.