හිටපු ජනාධිපතිවරුන් විදේශ සංචාර සඳහා කෝටි ගාණක් වියදම් කරලා - වියදම් ලැයිස්තුව මෙන්න
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා අද (03) පාර්ලිමේන්තුවට හිටපු ජනාධිපතිවරුන් විදේශ සංචාර සඳහා වැය කළ මුදල් ලැයිස්තුව ඉදිරිපත් කළේය.
ඒ අනුව මෙහිදී ඔහු සඳහන් කළේ විදේශ විනිමය කාබාසිනියා කර ඇති බවයි.
අදාළ වාර්තාව අනුව,
මහින්ද රාජපක්ෂ මහතා 2010–2015 කාලයේදී විදේශ සංචාර සඳහා රුපියල් කෝටි 357 ක් වැය කළ අතර, මෛත්‍රීපාල සිරිසේන 2015–2019 කාලයේදී කෝටි 38 ක්, ගෝඨාභය රාජපක්ෂ 2020–2022 කාලයේදී දොළොස් කෝටි හැට ලක්ෂයක්, අනුර කුමාර දිසානායක 7 සංචාර සඳහා එක් කෝටි හතළිස් නව ලක්ෂයක්, සහ රනිල් වික්‍රමසිංහ 16 සංචාර සඳහා කෝටි 53 ක් වැය කළ බව සඳහන් විය.