සුභ ආරංචියක් - ජෝර්දාන ගුවන් කලාපය විවෘත කරයි
ජෝර්දාන විසින් එරට ගුවන් කලාපය යළි විවෘත කරන බව නිවේදනය කර ඇත. ඒ අනුව ජෝර්දාන විසින් පසුගිය සඳුදා රාත්‍රියේ සිට අර්ධ වශයෙන් වසා තැබූ ගුවන් කලාපය යළි විවෘත කිරීමට තීරණය කර ඇත.
නිවේදනයක් නිකුත් කරමින් එම අධිකාරිය සඳහන් කළේ, සියලුම අදාළ පාර්ශ්වයන් සමඟ එක්ව සිදු කරන ලද ගැඹුරු අවදානම් තක්සේරුවකින් පසුව මෙම තීරණය ගත් බවයි.
එමෙන්ම කලාපීය ගැටුම් උත්සන්න වීමත් සමඟ ආරක්‍ෂක පියවරක් ලෙස ජෝර්දානය සිය ගුවන් කලාපය තාවකාලිකව වසා දැමීමට කටයුතු කර ඇත.