ඉන්දීය ක්‍රිකට් ඉතිහාසයේ පෙරළියක් කරමින් අවුරුදු 14ක කොල්ලෙක් ඉන්දීය ජාතික කණ්ඩායමට

Report

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ජුනි සහ ජූලි මාසවල අයර්ලන්තය සහ එංගලන්තය වෙත සිදුකිරීමට නියමිත සංචාරයට යොවුන් ක්‍රීඩක වෛභව් සූර්යවංශි ඇතුළත් කර ඇති අතර, ඔහුගේ පළමු ජාත්‍යන්තර සංචාරය වෙනුවෙන් දෙමාපියන් ද සමඟ රැගෙන යාමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විශේෂ අවසරයක් ලබා දී තිබේ.

සංචාරයට අදාළ සියලු වියදම් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් දරනු ලබන බව මණ්ඩල ලේකම් දේවජිත් සයිකියා මහතා ප්‍රකාශ කර ඇත.

සූර්යවංශිගේ වයස සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන් කළ සයිකියා මහතා, ජාතික කණ්ඩායම් මට්ටමේ සංචිතයක මෙතරම් කුඩා වයසක ක්‍රීඩකයෙකු සිටීම ඉතා දුර්ලභ සිදුවීමක් බව පෙන්වා දුන්නේය.

ලංකාවේ සංචාරක ව්‍යාපාරයෙන් අලුත්ම ලෝක වාර්තාවක්

ලංකාවේ සංචාරක ව්‍යාපාරයෙන් අලුත්ම ලෝක වාර්තාවක්

ඔහුගේ අදහස අනුව, වසර ගණනාවකට පසු මෙතරම් තරුණ වියේදීම ජාතික කණ්ඩායමට එක්වූ ක්‍රීඩකයෙකු ලෙස සූර්යවංශි සැලකිය හැකි අතර, මීට පෙර එවැනි අවස්ථාවක් උදා වූයේ ඉන්දීය ක්‍රිකට් පුරාවෘත්තයක් වන සචින් තෙන්ඩුල්කාර්ගේ යුගයේදී බවද සඳහන් කළේය.

“ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සහ කළමනාකරණ සාමාජිකයන් අතර මෙතරම් තරුණ ක්‍රීඩකයෙකු කටයුතු කිරීමේදී විවිධ අභියෝග මතුවිය හැකියි. එබැවින් ඔහුට නව පරිසරයට හැඩගැසීමටත්, මානසිකව සුවපහසු බවක් ඇති කර ගැනීමටත් දෙමාපියන්ගේ සහාය වැදගත් වනු ඇතැයි අපි විශ්වාස කරනවා”

යැයි සයිකියා මහතා පැවසීය.

මෙම තීරණය සූර්යවංශිගේ ක්‍රීඩා දිවියේ ආරම්භක අවධියේදී ඔහුට අවශ්‍ය සහාය සහ ආරක්ෂාව ලබාදීමේ අරමුණින් ගෙන ඇති බවද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පෙන්වා දෙයි.

"සලේගේ දුරකථන සාක්ෂි සුරැකීම ඔහුගේ ජීවිතය ආරක්ෂා කරනවා වගේ වැඩක්" - උදය ගම්මන්පිල

"සලේගේ දුරකථන සාක්ෂි සුරැකීම ඔහුගේ ජීවිතය ආරක්ෂා කරනවා වගේ වැඩක්" - උදය ගම්මන්පිල