ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකක ඇති ෆයිල් අතරින් මැකීමට අවශ්‍ය ෆයිල් පමණක් නැවත කිසිවෙකුට රිකවර් කර ගැනීමට නොහැකි ලෙස මකන්නේ කොහොමද?
By Dilasha
මේ සඳහා විශේෂ මෘදුකාංගය යොදා ගත යුතුයි. ඒ සඳහා යොදා ගත හැකි එක් මෘදුකාංගයක් තමයි Glary Utilities කියන්නේ. ඒ් මෘදුකාංගය www.glarysoft.com යන වෙබ් අඩවියෙන් නොමිලේ ඩවුන්ලෝඩ් කර ගන්න පුළුවන්.
මෙම මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කර ගත්තට පස්සේ Glary Utilities වින්ඩෝ එක තුළ ඇති Advanced Tools ටැබ් එකෙන් සිලෙක්ට් කළ යුතුයි. පසුව එහි ඇති Advanced Tools යටතේ වූ Shared Files යන්න ක්ලික් කළ යුතුයි. එවිට file Shared නම් බොක්ස් එක විවෘත වේ.
මෙහි දකුණු පස ඇති Add File(s) බට්න් එක ක්ලික් කර මැකීමට අවශ්‍ය ෆයිල් ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක තුළින් ලබා දෙයි. අවසානයේ Erase Now බට්න් එක ක්ලික් කළ විට අදාළ ෆයිල් රිකවරි කිරීමට බැරි ලෙස මකා දමන්න පුළුවන්.