මින් ඉදිරියට කතරගම වාසනා හස්තියා මේ පෙරහරවලට දෙන්නේ නෑ - වාසනා හස්තිරාජයාට ආදරය කරන සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක්

Report

කතරගම වාසනා ‘ හස්ති ඉදිරියේ දී ප්‍රධාන පෙරහරවලට පමණක් ලබාදීමට තීරණය කර ඇත.

ඒ අනුව රුහුණු මහා කතරගම දේවාලයේ මාධ්‍ය අංශය සඳහන් කර ඇත්තේ ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයට අයත් ‘වාසනා’ හස්තිරාජයාගේ සෞඛ්‍යාරක්ෂාව සහ යහපැවැත්ම සැලකිල්ලට ගනිමින්, ඉදිරියේදී දිවයිනේ ප්‍රධාන පෙරහර මංගල්‍යයන් සඳහා පමණක් එම හස්තියා සහභාගි කරවීමට පියවර ගෙන ඇති බවයි.

මෙම තීරණය වත්මන් බස්නායක නිලමේ ආරච්චිගේ තිළිණ මධුසංක මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක බව සඳහන්.

එසේම මීට පෙර හිටපු බස්නායක නිලමේතුමන්ගේ පාලන සමයන්හිදී දිවයිනේ විවිධ ප්‍රදේශවල පැවති කඨින පිංකම් ඇතුළු කුඩා පරිමාණ පෙරහර රැසක් සඳහා ‘කතරගම වාසනා ‘ හස්තියාගේ සෞඛ්‍ය පිළිබඳ නිසි අවදානයක් යොමු නොකර සහභාගි කරවා තිබූ බව සඳහන්.

QR ක්‍රමවේදයට ඉන්ධන නිකුත් කිරීම ගැනත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම්දීමක්

QR ක්‍රමවේදයට ඉන්ධන නිකුත් කිරීම ගැනත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම්දීමක්

ඒ හේතුවෙන් මේ වන විටත් විවිධ පාර්ශ්වයන්ගෙන් පෙරහර සඳහා ‘වාසනා’ හස්තියා ලබාදෙන ලෙස ඉල්ලීම් රැසක් දේවාල පරිපාලනය වෙත ලැබෙමින් පවතින බව වාර්තා වේ.

එබැවින් දිගින් දිගටම දුර බැහැර ප්‍රදේශවල පෙරහර මංගල්‍යයන් වෙනුවෙන් හස්තියා ප්‍රවාහනය කිරීම සහ යෙදවීම හස්තියාගේ ජීවිතයට මෙන්ම සෞඛ්‍යයට ද දැඩි තර්ජනයක් විය හැකි බැවින්, හස්තියාගේ නිදහස තහවුරු කිරීමේ අරමුණින් මෙම සීමා කිරීම සිදු කර ඇති බව සඳහන්.

එසේම රුහුණු මහා කතරගම දේවාලයේ මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ වාසනා හස්තියාගේ ආරක්ෂාව වෙනුවෙන් ගත් මෙම තීරණය පිළිබඳව වාසනා හස්තිරාජයාට ආදරය කරන සියලු පාර්ශ්වයන්ගේ අවධානය සහ සහයෝගය අපේක්ෂා කරන්නෙමු යනුවෙන්. 

මීට පස්සේ මේ අංක තහඩු සම්බන්ධ ගැටලු ඇති වෙන්නෑ - සියලුම පොලිස් ස්ථානවලට නියෝගයක්

මීට පස්සේ මේ අංක තහඩු සම්බන්ධ ගැටලු ඇති වෙන්නෑ - සියලුම පොලිස් ස්ථානවලට නියෝගයක්

සූර්යයා ශ්‍රී ලංකාවට මෙහෙම දෘශ්‍ය වන අවසාන දිනය අදයි - ස්වල්ප මොහොතකට පෙර දිවයිනටම දන්වයි

සූර්යයා ශ්‍රී ලංකාවට මෙහෙම දෘශ්‍ය වන අවසාන දිනය අදයි - ස්වල්ප මොහොතකට පෙර දිවයිනටම දන්වයි

තුන්වන පාසල් වාරය ගැන විශේෂ නිවේදනයක් - පාසල් තුළ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වෙයි

තුන්වන පාසල් වාරය ගැන විශේෂ නිවේදනයක් - පාසල් තුළ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වෙයි