ග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබීමට සැක පිට කාන්තාවක් අල්ලයි

By Dilasha Mar 21, 2025 02:05 AM GMT
Report

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ නාගලගම්වීදිය ප්‍රදේශයේදී පසුගිය 17 වනදා යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් තවත් පුද්ගලයන් දෙදෙනෙකු ඉලක්ක කර සිදු කළ වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණි.

මෙම වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට 24 හැවිරිදි කොටුවිල, වැල්ලම්පිටිය ප්‍රදේශයේ කාන්තාවක් ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙම අපරාධයට අධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවෙකු (18) වන දින රාජගිරිය පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් අතර එම සැකකරුගේ බිරිඳ මෙම අපරාධයට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කර සිටි.

ග්‍රෑන්ඩ්පාස් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.