කොච්චිකඩේ ප්‍රදේශයෙන් මළ සිරුරක් හමු වෙයි
By Dilasha
කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30ක් පමණ වන පුද්ගලයෙකුගේ මළ සිරුරක් කොච්චිකඩේ පොලිස් වසමේ තක්කියාපාර, පෝරුතොට ප්‍රදේශයේ පාළු ඉඩමක තිබී පොලිසිය සොයා ගෙන ඇති බව වාර්තා වේ.
ඊයේ(20) දින රාත්‍රී කාලයේ පොලිසියට ලද පැමිණිල්ලකට අනුව සොයා බැලීමේදී මෙම මළසිරුර සොයාගත් බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් කොච්චිකඩේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.