ශ්‍රීපාද කන්ද නාය යාමක්? රටම පේ වෙලා එන ශ්‍රීපාදස්ථානය ගැන නරක ආරංචියක්

Report

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පැවති අයහපත් කාලගුණික තත්වයන් මත ශ්‍රීපාද කන්දේ පැවති කසල එම මාර්ගයට කඩා වැටිමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙය නාය යාමක් ලෙස පෙනුනද ශ්‍රීපාද වන්දනාවේ පැමිනෙන පිරිස් විසින් රැගෙන විත් ශ්‍රිපාද කන්දේ දමා යන ප්ලාස්ටික් බෝතල් පොලිතින් මළු ඇතුළු කසල ශ්‍රීපාද මාර්ගයට කඩා වැටිමක් බව පොලිසිය පවසන බව සඳහන්.

එසේම මේ සම්බන්ධයෙන් කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් ජේශ්ඨ පොලිස් අධිකාරි ප්‍රදිප් වීරසේකර මහතා කියා ඇත්තේ සෑම වසරකම ශ්‍රීපාද වන්දනා වාරය ආරම්භ විමට පෙර කරනු සාකච්ඡාවලදි ශ්‍රීපාදස්ථානාධිපති ස්වාමින් වහන්සේ ඇතුළු විවිධ නිලධාරින් ශ්‍රීපාදස්ථානයට ප්ලාස්ටික් බෝතල්, පොලිතින් මළු හා කසල බැහැර නොකරන ලෙස විවිධ ඉල්ලිම් කරන බවයි.

සූර්යයා ශ්‍රී ලංකාවට මෙහෙම දෘශ්‍ය වන අවසාන දිනය අදයි - ස්වල්ප මොහොතකට පෙර දිවයිනටම දන්වයි

සූර්යයා ශ්‍රී ලංකාවට මෙහෙම දෘශ්‍ය වන අවසාන දිනය අදයි - ස්වල්ප මොහොතකට පෙර දිවයිනටම දන්වයි

එසේ වුවත් බොහෝ පිරිස් තමන් රැගෙන ප්ලාස්ටික් බෝතල් පොලිතින් මළු ඇතුළු විවිධදේ ශ්‍රීපාදස්ථානයේ දමා යන බවත් ඔහු පවසා ඇත.

ඒ අනුව එකතුව තිබු කසල ශ්‍රීපාද මාර්ගයට මෙසේ කඩා වැටිකට ලක්ව ඇති බවත් ය.

එබැවින් මෙය නාය යාමක් වශයෙන් පෙනුනද ශ්‍රීපාද කන්ද නාය යාමක් නොව කසල මාර්ගයට කඩා වැටිමට ලක්ව ඇති බවත් එම කසල ගොඩවල් ඉවත් කිරිමට ගුවන් හමුදා නිලධාරින්, යුධ හමුදා නිලධාරින්, පොලිස් නිලධාරින් ඇතුළු පිරිස් ඉදිරියේදි කටයුතු කරන බවත් සඳහන්.

QR ක්‍රමවේදයට ඉන්ධන නිකුත් කිරීම ගැනත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම්දීමක්

QR ක්‍රමවේදයට ඉන්ධන නිකුත් කිරීම ගැනත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම්දීමක්

උසස් පෙළ විභාගය ඊයේ අවසන්- ප්‍රතිඵල සහ ප්‍රායෝගික විභාග ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

උසස් පෙළ විභාගය ඊයේ අවසන්- ප්‍රතිඵල සහ ප්‍රායෝගික විභාග ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්