වැල්ලවායේ සපුගොඩ කඳු රක්ෂිතයේ විශාල ගින්නක් - ගින්න වේගයෙන් පැතිරී මහ විනාසයක්
By Kaushi
වියළි කාලගුණයත් සමඟ වැල්ලවාය ආනපල්ලම සපුගොඩ කඳු රක්ෂිතයේ තෘණ භුමිය සහ ශාක ද වියළි ගොස් තිබූ අතර එම සපුගොඩ කඳු රක්ෂිතයට කිසියම් අයෙක් ගිනිතබා ඇති බව සඳහන්.
ඒ අනුව එම ගින්න පැය කිහිපයක් තුළ රක්ෂිතය පුරා පැතිර ගොස් ඇති අතර ගිනිදැල් අඩි දහයකටත් වඩා උසට නැගී ඇති බව වාර්තා වේ.
එසේම ගම්වාසීන් විසින් ගින්න නිවීමට උත්සාහ කළ ද මේ දිනවල ප්‍රදේශයට පවතින දැඩි වියළි කාලගුණය සහ සුළං තත්ත්වය හේතුවෙන් ගින්න වේගයෙන් පැතිර ගොස් ඇති බව සඳහන්.
එමෙන්ම මෙම ගින්න හේතුවෙන් රක්ෂිතයට විශාල හානියක් සිදු වී ඇති අතර රක්ෂිතයේ ඉපැරැණි ශාක,තෘණ භුමිය සහ වන සතුන් රැසක්ම ගින්නට හසුව විනාශ වී ඇත.