මීට පස්සේ මේ අංක තහඩු සම්බන්ධ ගැටලු ඇති වෙන්නෑ - සියලුම පොලිස් ස්ථානවලට නියෝගයක්

Report

විද්‍යුත් වාහන සඳහා කොළ පැහැ අංක තහඩු මුද්‍රණය කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණ ද එය නිසි ලෙස පොලිසිය ඇතුළු කොළ පාට සෙසු ආයතන වෙත දැනුම් නොදීම මත වාහන හිමිකරුවන් හා පොලිසිය අතර මත ගැටුම් නිර්මාණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙම තීරණය ගැන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් ගැසට් පත්‍රය ප්‍රසිද්ධ නොකිරීම, පොලිස් නිලධාරීන් වෙනුවෙන් නිසි අන්දමින් ඊට අදාළ මාර්ගෝපදේශ හා නියෝග දැනුවත් නොකිරීම හා ඉහළ පොලිස් නිලධාරීන් විසින් සෙසු නිලධාරීන්ව ඒ ගැන දැනුවත් නොකිරීම මෙම තත්ත්වයට තුඩු දී ඇති බව සඳහන්.

මෙපමණ කාලයක් වාහන සඳහා අංක තහඩු නිකුත් කෙරුණේ සුදු සහ කහ පසුබිමේ කලු වර්ණයෙන් වන අතර විද්‍යුත් වාහන ලියාපදිංචිය සමඟ එම ඛණ්ඩයේ වාහන වෙනුවෙන් කොළ පසුබිම සුදු වශයෙන් මුද්‍රණය කර තිබෙනවා.

සූර්යයා ශ්‍රී ලංකාවට මෙහෙම දෘශ්‍ය වන අවසාන දිනය අදයි - ස්වල්ප මොහොතකට පෙර දිවයිනටම දන්වයි

සූර්යයා ශ්‍රී ලංකාවට මෙහෙම දෘශ්‍ය වන අවසාන දිනය අදයි - ස්වල්ප මොහොතකට පෙර දිවයිනටම දන්වයි

එසේම මේ වනවිට ගොඩගැසී ඇති ලක්ෂ සංඛ්‍යාත අංක තහඩු මුද්‍රණය වෙමින් පවතින අතර මුද්‍රණය කළ අංක තහඩු ද හිමිකරුවන් වෙත බෙදාහැරීම ද සිදුවෙමින් පවතියි.

කෙසේ වුවද මෝටර් වාහන පනත යටතේ විද්‍යුත් වාහන අංක තහඩු පිළිගත නොහැකි බව සඳහන් කරමින් බොහෝ පොලිස් ස්ථානවල නිලධාරීන් එම වාහන හිමිකරුවන්ට දඩ සහ නඩු පැවරීම් සිදුකිරීම මත එය ගැටලුකාරී තත්ත්වයක් බවට පත්ව තිබෙනවා.

එබැවින් මෙම තත්ත්වය හේතුවෙන් පොලිස් රථවාහන මූලස්ථානය විද්‍යුත් වාහන අංක තහඩු සඳහා ඇති උපදෙස් හා නියෝග සියලුම පොලිස් ස්ථානවලට ලබාදී ඇති බවද මේ අනුව ඉදිරියේදී එම වාහන හිමියන්ට අංක තහඩු සම්බන්ධ ගැටලු ඇති නොවන බවද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙ උසස් නිලධාරියකු පැවසූ බව සඳහන්.

QR ක්‍රමවේදයට ඉන්ධන නිකුත් කිරීම ගැනත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම්දීමක්

QR ක්‍රමවේදයට ඉන්ධන නිකුත් කිරීම ගැනත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම්දීමක්

රාජ්‍ය සේවයේ විශාල වෙනසක් - රාජ්‍ය නිලධාරීන්ට හා ජනතාවට ජනපතිගෙන් නිවේදනයක් - ජනතාවට රාජ්‍ය ආයතන වලට එන්න අවශ්‍ය නැති වෙයි

රාජ්‍ය සේවයේ විශාල වෙනසක් - රාජ්‍ය නිලධාරීන්ට හා ජනතාවට ජනපතිගෙන් නිවේදනයක් - ජනතාවට රාජ්‍ය ආයතන වලට එන්න අවශ්‍ය නැති වෙයි