ගුරු සත්‍යග්‍රහයට කඩා වැදුණු පොලීසිය සමග ගැටුමක්..(VIDEO)

strike teachers principle Gall
By Sewvandhi Oct 27, 2021 02:44 PM GMT
Sewvandhi

Sewvandhi

Report

වැටුප් ගැටලුවට විසඳුම් ඉල්ලා ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලය අසල ආරම්භ කළ සත්‍යග්‍රහය අද (27) දෙවැනි දිනටත් පැවැත්වුණි.

සත්‍යග්‍රහයට ඔවුන් භාවිත කළ තාවකාලික අට්ටාලය පොලීසිය ඊයේ (26) ඉවත් කිරීම නිසා අද ඔවුන් සත්‍යග්‍රහය ආරම්භ කළේ කූඩාරමක් තුළ සිටය.

එම කුඩාරමද අද පොලීසිය පැමිණ ඉවත් කිරීමත් සමග එම ස්ථානයේ නොසන්සුන්තාවක් හටගෙන තිබුණි.

මෙහිදී පොලීසිය සඳහන් කළේ අනවසර ඉදිකිරීමක් බැවින් එය ඉවත් කළ බවයි.. මේ සම්බන්ධ වීඩියෝවක් සමාජ මාධ්‍යයේ මේ වෙනවිට සංසරණය වෙනවා..

එම වීඩියෝව පහතින්..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now