ගුරු විදුහල්පති සටන දිගටම
ගුරු - විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යවරයා සමග අද (03) පස්වරුවේ පැවති සාකච්ඡාව ද අසාර්ථක වූ බව ගුරු සංගම් පවසති. අදාළ ගැටලුව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා සහ ගුරු - විදුහල්පති සංගම් 37ක් අතර මෙම සාකච්ඡාව පැවැත්වුණි.
වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා මේ අවස්ථාවේදී රජයට මුදල් නොමැති බවට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති පසුබිමක මෙම සාකච්ඡාව සිදුවිය. ඒ අනුව අද 23 වැනි දිනටත් ගුරු- විදුහල්පති විරෝධතා පැවැත්විණි. වැටුප් විෂමතා ඉවත් කිරිමට අදාළව අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් අනුකමිටුවේ වාර්තාව ඊයේ (02) යළි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරිණි.
අදාළ ගැටලුව සම්බන්ධයෙන් ලබන අයවැයේදී සලකා බැලීමට එහිදී කැබිනට් මණ්ඩලය ඒකමතිකව තීරණය කොට තිබුණි. අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය සම්බන්ධයෙන් ගුරු සංගම් අද සිය විරෝධය පළ කළ අතර ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාර්ලින් මහතා සඳහන් කළේ, "අයවැය වෙනකම් අපිට බලන් ඉන්න බෑ. අපි ඒ කාරණය දැඩිලෙස ප්‍රතික්ෂේප කළා.
සුබෝධනී වැටුප් කමිටු වාර්තාව ක්‍රියාත්මක කරනවා ද? නැද්ද? කියලවත් තීරණයක් අරගෙන නෑ. ඔවුන්ගේ කතාවෙන් තේරුණේ ඔවුන්ට ඒ සම්බන්ධයෙන් ස්ථාවරයක් නෑ. ඔවුන්ට යෝජනාවක්වත් අතේ නෑ. අපේ අරගලය අනිවාර්යයෙන්ම පෙරට යනවා. කිසිදු " සිය ගැටලුවට විසඳුමක් නොමැතිවීමෙන් අදත් දිවයින පුරා පාසල් රැසක ගුරුවරුන් සේවයට වාර්තා කර තිබුණේ නැත.
මේ අතර අද පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවක් පවත්වමින් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාව පමණක් නොව සමස්ත ලෝකයම දැඩි ආර්ථික අර්බූදයක සිටින අවස්ථාවක වසර 24ක් පමණ පැවති ගුරු ගැටලුව මේ මොහොතේම විසඳන ලෙස ඉල්ලීම අසාධාරණ බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |