ගුරු වැටුප් දැන් රජ වෙයි.. 56,000 ගත්ත ගුරුවරුන් 80,000 වැඩි වැටුපක් අද ගන්නවා. - ධම්මික

Report

2026 ගුරු වැටුප් සංශෝධනයෙන් ලැබුණු වාසි පිළිබඳව කතා කළහොත්, වසර 27කට වැඩි කාලයක් තිස්සේ ඇස්සැද්දුම්කම්වලට ලක්ව සිටි ගුරුවරුන්ගේ වැටුප ගෞරවනීය මට්ටමකට ගෙන ඒමට සමත් වුණා බව පෙන්වා දෙන බවට ජාතික ව්‍යාපාරයේ සම කැඳවුම්කරු, ලංකා ගුරු සේවා සංගමයේ සභාපති, ධම්මික අලහප්පේරුම අවධාරණය කරයි.

අද දෙහිවලදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් කියා සිටියේ;

"..මීට පෙර ගුරුවරුන්ගෙන් සමහරුන් රුපියල් 56,000 පමණ මූලික වැටුපක් ලබාගෙන සිටියදී, මෙම සංශෝධනයෙන් එය රුපියල් 80,000කට වැඩි මට්ටමකට ඉහළ ගොස් තිබෙනවා. මෙය ගුරුවරුන්ගේ වැටුප් වැඩිවීමක් පමණක් නොවේ; දරුවන්ගේ මූලික වගකීම් දරන ගුරුවරයාගේ වැටුප් වැඩි කිරීම මගින් විදුහල්පතිවරුන්ගේ වැටුප් ද එකම සංශෝධනය යටතේ ඉහළ යාමයි.

සාමාන්‍ය පෙළ හා රාමසාන් හේතුවෙන් යලි පාසල් වැසෙයි

සාමාන්‍ය පෙළ හා රාමසාන් හේතුවෙන් යලි පාසල් වැසෙයි

අධ්‍යාපන සභාව නෛතිකව කටයුතු කරමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ දියුණුව සඳහා රට ඉදිරියට ගෙන යා යුතුයි. ගුරුවරුන්ගේ වෘත්තීය ගැටලු විසඳා ගැනීම, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කිරීම අත්‍යවශ්‍යයි. වර්තමානයේ රටේ ගුරු පුරප්පාඩු 40,000කට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා.. මෙය අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේදී ලොකු අභියෝගයක්.
2023දී අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට නොහැකි වුණා. අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ උත්සාහයන් එදා නැවැත්වූයේ අපිමයි.

අද පන්ති කාමරයට යල් පැන ගිය දියුණු අධ්‍යාපන ක්‍රමවේදයන්, තාක්ෂණය හා මානව සම්පත් දියුණු කිරීම යනු ගුරුවරයා යාවත්කාලීන කිරීමයි. ගුරුවරුන්ගේ වැටුප් වැඩිවීම මගින් ඔවුන්ගේ ගෞරවය හා ආකර්ෂණය වැඩි කරමින්, රටේ අධ්‍යාපනය ඉදිරියට ගෙන යාමට මෙය ලොකු පියවරක්.."

ලින්ක් එක දාන්න කලින් පොඩ්ඩක් ඔබලා බලන්න ඒ වගේම මම බලන් ඉන්නවා උගන්ඩාවේ ඩොලර් බිලියන 18 ගේනකන් - නාමල්

ලින්ක් එක දාන්න කලින් පොඩ්ඩක් ඔබලා බලන්න ඒ වගේම මම බලන් ඉන්නවා උගන්ඩාවේ ඩොලර් බිලියන 18 ගේනකන් - නාමල්