ගුරු සේවයට නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්...ලැබෙන පිරිස මෙන්න.

Ministry of Education A D Susil Premajayantha Sri Lankan Schools Education
By Aruna Aug 24, 2023 03:13 AM GMT
Aruna

Aruna

Report

ඉදිරියේ දී රජයේ පාසල් සඳහා ගුරුවරුන් අටදහසක්(8000) බඳවා ගැනීමට පියවර ගන්නා බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශකර සිටියේ, 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් ඊයේ (23) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

උපාධිධාරී ගුරුවරු 5500ක් සහ දෙවන භාෂා ගුරුවරුන් ලෙස ගුරුවරුන් 2500ක් බඳවා ගැනීමට නියමිත බවයි අමාත්‍යවරයා එම අවස්ථාවේදී අවධාරණය කළේ.

එමෙන් ම අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග ප්‍රතිඵල ලැබෙන තෙක් නිවෙස්වලට වී සිටින දරුවන්ට වෘත්තීය, තාක්ෂණික මෙන්ම ඉංග්‍රීසි ඇතුළු භාෂා පුහුණුවක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙන බවද ඒ සඳහා දිවයිනේ පාසල් 320ක් දැනටමත් තෝරාගෙන ඇති අතර එම වෘත්තීය පුහුණු වැඩසටහන ලබන වසරේ ජනවාරි මාසයේ සිට ආරම්භ කිරීමට නියමිත බවයි.

Gallery
ReeCha