පාසල් වෙලාවේ ඉගැන්වීම් කටයුතු වලින් ගුරුවරු අයින් වෙයි?.. දැන් ලැබුණ ආරංචියක් මෙන්න..(VIDEO)

Strike Sri Lanka Sri Lankan Schools Latest Headlines Decision Making Teachers
By krishani Jul 02, 2024 04:58 PM GMT
krishani

krishani

Report

ගුරු විදුහල්පති වෘත්තීය සමිති විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

පාසල් වෙලාවේ ඉගැන්වීම් කටයුතු වලින් ගුරුවරු අයින් වෙයි?.. දැන් ලැබුණ ආරංචියක් මෙන්න..(VIDEO) | Teacher Principal Union Fight

ඒ තම ඉල්ලීම් ලැබෙන තුරු සටන අත්නොහරින බවයි.

අද (02) දිනයේ පැවති උද්ඝෝෂණය පාසල් වේලාවෙන් පසුව පාසල් ඉදිරිපිට සිදුකළ ද තම ඉල්ලීම් සම්බන්ධයෙන් අවධානය යොමු නොකළහොත් පාසල් වේලාව තුළ උද්ඝෝෂණ සිදුකිරීමට කටයුතු කරන බව එම වෘත්තීය සමිති පැවසීය.

ඒ අනුව එළැඹෙන සිකුරාදා දිනයේ සියලු වෘත්තීය සමිති කොළඹට කැඳවා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ඔවුන් සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, වැටුප් විෂමතාව ඉවත් කරන ලෙස බලධාරීන්ට බලකරමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති පසුගිය දින කිහිපය පුරාම විවිධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත විය.

එමෙන්ම, ඔවුන් අද දිවයින පුරා පාසල් ඉදිරිපිට ‍උද්ඝෝෂණ ව්‍යාපාරයක ද නිරත විය.

වීඩියෝ දර්ශන - Ada Derana


.