ඔරුවක් පෙරලීමෙන් පාසල් සිසුන් තිදෙනෙකු සහ ගුරුවරයෙකු ජීවිතක්ෂයට..!
By Sewvandhi
මඩකලපුව, කොක්කඩිචෝලෙයි, තාන්දාමලෙයි ප්‍රදේශයේ ඔරුවක් පෙරළීමෙන් සිදුවු අනතුරකින් අතුරුදන්ව සිටි ගුරුවරයාගේ සහ සිසුන් තිදෙනාගේ සිරුරු හමුව තිබේ.
පොලීසිය පැවසුවේ, එලෙස සොයාගෙන ඇත්තේ 27 හැවිරිදි ගුරුවරයෙකුගේ හා 16 හැවිරිදි පාසල් සිසුන් තිදෙනෙකුගේ සිරුරු බවය.
පිරිමි දරුවන් 4 දෙනෙක්, ගැහැණු දරුවන් 7 දෙනෙක් සහ ගුරුවරු 3 දෙනෙක් ගමන් කරමින් සිටි ඔරුව පෙරළී යෑමෙන් අදාළ අනතුර සිදුව තිබුණි. එහිදි සිව්දෙනෙක් දියේ ගිලී තිබු අතර සෙසු පිරිස දිවි බේරාගෙන තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |