තලව කැලෙන් සොයාගත් " තේ දළු සෝස්".
තලවකැලේ තේ පර්යේෂණ ආයතනය විසින් තේ දලු යොදා ගනිමින් ශරීරයට ඉතා හිතකර සෝස් වර්ගයක් නිෂ්පාදනය කර තිබෙනවා.
තේ පර්යේෂණ ආයතනය පවසන්නේ, නැවුම් තේ දලු භාවිත කරමින් මෙම සෝස් වර්ගය නිෂ්පාදනය කිරීමෙන් එහි ගුණාත්මක බව ඉහළ දමාගැනීමට හැකිවී ඇති අතර වෙළෙඳපළ තුළ පවතින අනෙකුත් සෝස් වර්ගවල බවතින කෘතිම රසයට සාපේක්ෂව මෙහි ස්වභාවික රසයක් පවතින බවයි.
මෙය කොළ පැහැයෙන් යුක්ත වන අතර වෙනත් සෝස් වර්ග භාවිත කරන අයුරින්ම මෙය භාවිත කිරීමට හැකියාව පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
මේ වන විටත් මෙම තේ සෝස් සඳහා පේටන්ට් බලපත්‍රය ලබා ගැනීම සඳහා අයැදුම්පතක් යොමුකර තිබෙනවා.
එම සහතිකය ලබාගැනීමෙන් අනතුරුව මෙය වාණිජ මට්ටමින් නිෂ්පාදනය කිරීමට හැකියාව පවතින ඕනෑම පුද්ගලයකුට එහි තාක්ෂණය ලබාදීමට තේ පර්යේෂණ ආයතනය බලාපොරොත්තු වන බවත් සඳහන්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |