ගෑස් මිල අඩු විමත් සමඟ කිරි තේ සහ ප්ලේන් ටී මිලත් අඩු වෙයි - අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු වෙන මිල මෙන්න
ගෑස් මිල අඩු කිරීම හේතුවෙන් කිරි තේ කෝප්පයක සහ ප්ලේන් ටී කෝප්පයක මිල රුපියල් 5කින් අඩු කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
එබැවින් අද (05) මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල අඩු කිරීම ක්‍රියාත්මක වන බව එම සංගමය සඳහන් කරන බව වාර්තා වේ.
එසේ වුවත් කෙටි ආහාරවල මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බව අඳාළ සංගමය වැඩිදුරටත් පවසන බව සඳහන්.