තේ කර්මාන්තයටත් කන කොකා හඬයි - මේ අවුරුද්දට විතරක් කම්හල් 6ක් වහලා

Report

වැවිලි සහ පුජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා විසින් 1986 වර්ෂයට පසුව තේ කර්මාන්තශාලා 213ක් විවිධ හේතු නිසා වසා දමා ඇති බව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත.

නටපු නැටුම් ඉවරයි, කෙහෙළියගෙත් බෙල්ල මුලින් හිර වෙයි - ගෙන්නපු ඖෂධවල මාරාන්තික බැක්ටීරියා

නටපු නැටුම් ඉවරයි, කෙහෙළියගෙත් බෙල්ල මුලින් හිර වෙයි - ගෙන්නපු ඖෂධවල මාරාන්තික බැක්ටීරියා

ඒ අනුව වසා දමා ඇති කම්හල් ගණන වර්ෂ අනුව,

2018 – 13

2019 – 17

2020 – 13

2022 – 14

2023 – 19

2025 – 6 (දැනට)

ඉදිරි පැය 36 ගැන අනතුරු ඇඟවීමක්, මේ පැතිවල අය විශේෂයි

ඉදිරි පැය 36 ගැන අනතුරු ඇඟවීමක්, මේ පැතිවල අය විශේෂයි

එසේම අඳාළ කම්හල් වැසී යාමට හේතු වී ඇත්තේ මාස කිහිපයකට සීමා වූ අර්බුද නොවන බවද සඳහන් කරයි.

අමාත්‍යවරයා සඳහන් කළේ ඒ සඳහා කළමනාකරණ දුර්වලතා, ප්‍රමාණවත් දළු නොමැතිවීම, මීට පෙර රජයන්ගේ අපරාජිත ක්‍රියාමාර්ග සහ උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක නොවීම වැනි කරුණු බලපා ඇති බවයි.

එමෙන්ම මේ වන විටත් තේ කර්මාන්තය අර්බුදකාරී තත්වයකට මුහුණ දී සිටින බව ද ඔහු පවසයි.

එයාලා තාම ජීවතුන් අතර...දැනුත් කෝල් කළා..ලෝකෙම අඬවපු ජෝෂි පවුල ගැන ඇහෙන අලුත්ම කතාව

එයාලා තාම ජීවතුන් අතර...දැනුත් කෝල් කළා..ලෝකෙම අඬවපු ජෝෂි පවුල ගැන ඇහෙන අලුත්ම කතාව

ඒ අනුව මෙම තත්ත්වයෙන් එය මුදා ගැනීමට අමාත්‍යාංශය ක්‍රියාත්මක වන බවත් අමාත්‍ය විද්‍යාරත්න මහතා වැඩිදුරටත් කියා ඇත.

තවද වසා දමා ඇති කම්හල්වලින් ඇතැම් කම්හල් යළි විවෘත කර ගැනීමේ හැකියාවක් පවතින බව මෙන්ම ඒ වෙනුවෙන් ආයෝජකයන්ට අවශ්‍ය සහය ලබාදීමටත් රජය සූදානම් බවද මෙහිදී ඔහු විසින් පවසා තිබෙනවා.

දූරියන් පෙරේතයන්ට ඔන්න තවත් දූරියන් වගේ සුවඳ ආරංචියක්

දූරියන් පෙරේතයන්ට ඔන්න තවත් දූරියන් වගේ සුවඳ ආරංචියක්

ඒ අනුව අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් මහතා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන්.