මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ට නරක ආරංචියක් - මාරාන්තික වෛරසයක් පැතිරෙයි - සෞඛ්‍යයෙන් රතු එළි
ශ්‍රී ලංකාවේ HIV වෛරසය වැළඳුණු රෝගීන් බහුල ලෙස වාර්තා වී ඇත්තේ මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූවන් අතර බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව අමාත්‍යවරයා හමුවේ මේ වන විට පවතින වාර්තා අනුව කාන්තාවන්ට වඩා පිරිමි පුද්ගලයින් අතර රෝගය පැතිර ඇති බවට වාර්තා පෙන්වා දෙන බව සඳහන්.
ඒ අනුව අද (06) දින පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධව තවදුරටත් කරුණු පෙන්වා දුන් අමාත්‍යවරයා සඳහන් කළේ සමාජ මාධ්‍ය ඔස්සේ යම් පිරිස් මත්ද්‍රව්‍ය භාවිත කරමින් සාද පවත්වන බවත් HIV වෛරසය පැතිරීමට එයත් හේතුවක් විය හැකි බවත් ය.
අද උදෑසන 9 සිට ඔක්තෝබර් 08 වන දින දක්වා මේ අයට ජල සැපයුම අත්හිටුවන බවට විශේෂ නිවේදනයක් - වතුර කපන ප්‍රදේශ මෙන්න
එසේම 2025 වසරේදී මෙරටින් HIV වෛරසය වැළඳුණු රෝගීන් 874ක් වාර්තා වී ඇති බවත් පෙන්වා දුන් නලින්ද ජයතිස්ස මහතා මෙම වසරේ එම රෝගීන් ප්‍රමාණය ඉක්මා ගොස් නැති නමුත් රෝගීන් වැඩිවිය හැකි යැයි අනුමානයක් පවතින බවද පවසා ඇත.
"2025 වර්ෂයට සාපේකෂව මේ වසරේදී වාර්තා වීම වැඩිවිය හැකි යැයි යම් අනුමානයක් පවතිනවා. ගිය වසරේදී නව රෝගීන් 874ක් වාර්තා වෙලා තිබුණා තාම ඒක ඉක්මවා ගිහිල්ලා නෑ. නමුත් ඒ ගැන අපි සැලකිලිමත් වෙමින් ඉන්නවා. කාන්තාවන්ට වඩා පිරිමින් අතර රෝගය පැතිරීම වැඩිවෙලා තියෙනවා. ඒකෙත් හඳුනාගෙන තියෙනවා මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් අතර තමයි මෙය වැඩිපුරම පවතින්නේ කියලා. සහ මීට අමතරව හෙපටයිටීස් බී වාර්තා වීමකුත් තියෙනවා ඒ අය අතර. මේ පිළිබඳව අපි අදාළ කොටස් දැනුවත් කරන්න කටයුතු කරලා තියෙනවා. ඔබ දන්නවා සමාජ මාධ්‍ය හරහා යම් යම් කණ්ඩායම් ඒකරාශි වෙලා මත්ද්‍රව්‍ය භාවිතා කරමින් කරන සාද පැවැත්වෙනවා. සමහර අවස්ථාවලදි පොලිසිය වැටලීම් කරනවා. ඒවාත් එක්ක මේකට සම්බන්ධයක් පැවැතිය හැකි යැයි විශ්වාසයක් පවතිනවා. මේ සම්බන්ධව අපේ දෙමව්පියන්, වැඩිහිටියන්, තරුණ තරුණියන් අවධානයෙන් ඉන්න ප්‍රශ්නයක් පැන නගිමින් පවතිනවා. ඒක අප්‍රිකාව වගේ දරුණු තත්ත්වයක් නෙමෙයි නමුත් එක්කෙනෙක් හරි අලුතින් වැඩිවෙනවා කියන එක ගැන අපි සැලකිලිමත් වෙනවා"
අනවශ්‍ය ආකාරයට කලබල වී ඉන්ධන රැස්කිරීමෙන් වළකින්න - ශ්‍රී ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලයි
මේ අතර මෙරටින් HIV වෛරසය වැළැඳුණු රෝගීන් වාර්තා වීම වසරින් වසර වැඩි අගයක් ගන්නා බව ඉකුත් දා ලිංගාශ්‍රිත රෝග පිළිබඳ ප්‍රජා විශේෂඥ වෛද්‍ය සත්‍යා හේරත් මහත්මිය පවසා ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඇය කියා සිටියේ මෙම රෝගය කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලින් වාර්තා වීම වැඩි අගයක් ගන්නා බවයි.