සලේට ප්‍රතිකාර අවසන් - යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා ප්‍රතිකාර අවසන් කර අද (06) පස්වරුවේ රෝහලෙන් රැගෙන ගොස් තිබේ.
සුරේෂ් සලේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව පරීක්ෂා කළ විශේෂඥ වෛද්‍යවරුන් දසදෙනෙකුගෙන් යුත් වෛද්‍ය කමිටුව, ඔහුට රෝහලෙන් පිටව යා හැකි බව අද (06) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ දැනුම් දුන්නේය.
රැකියා විරහිත සියලු උපාධිධාරීන් සඳහා රැකියා අවස්ථා දීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ඉදිරි අයවැයෙන් - ජනපතිට නාමල්ගෙන් ලිපියක්
එම දැනුම්දීමෙන් අනතුරුව, අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, රෝහලෙන් පිටව යන සුරේෂ් සලේ මහතාව අද පස්වරුවේම නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගන්නා බවයි.
ඒ අනුව ඔහු සම්බන්ධයෙන් වන ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තවදුරටත් සිදුකෙරේ.