උඩරට දුම්රිය පීලි පැනීම පිටුපස ලොකු කතාවක් - එල්ලවන චෝදනාවලට අමාත්‍ය නලින්ද ජයතිස්ස දුන් දැඩි පිළිතුර මෙන්න!

Report

උඩරට දුම්රිය මාර්ගය නැවත ප්‍රතිසංස්කරණය කිරීමේදී සියලු පාර්ශ්වයන්ගේ සහභාගීත්වයෙන් කටයුතු ආරම්භ කළ බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සදහන් කර තිබේ.

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ ඊයේ (05) උඩරට දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් ඇති වූ තත්ත්වය හමුවේ එල්ල වී ඇති චෝදනාවලට පිළිතුරු ලබා දෙමිනි ඊයේ අලුයම 5.30ට පමණ පේරාදෙණිය සිට කොළඹ කොටුව බලා ධාවනය වූ පළමු කාර්යාල දුම්රිය කඩිගමුව හා ඉහළ කෝට්ටේ ප්‍රදේශයේදී පස් කන්දක ගැටී පීලි පැන තිබුණි.

මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු මාර්ගය යථා තත්ත්වයට පත් කරන තෙක් අත්හිටුවීමටද දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගනු ඇත එම කටයුතු එළෙස සිදුවෙමින් පැවතියදී ඊයේ පස්වරු 6.20ට පමණ පේරාදෙණිය සහ ගෙලිඔය දුම්රිය ස්ථාන අතර අඟුණාවල ප්‍රදේශයේදීද පස් කන්දක් කඩා වැටී තිබුණි.

උඩරට දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතුවලින් පසුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අවසරයකින් තොරව ධාවන කටයුතු ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බව මේ සම්බන්ධව අදහස් දක්වමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සදහන් කර තිබේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධව පිළිතුරු ලබා දෙමින් අද (06) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ දුම්රිය මාර්ගයේ යළි ඉදි කිරීම් කටයුතු ආරම්භ කිරීමේදී මුල සිටම ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සහ අනෙකුත් ආයතන ඒකාබද්ධව මෙම කටයුතු සිදුකළ බවය.

  එතුමා තව දුරටත් සදහන් කළේ මෙවන් අදහසකි

"ඒ දුම්රිය මාර්ගය යළි ඉදිකිරීමේදී, ප්‍රතිසංස්කරණය කිරීමේදී, පළමු දුම්රිය පරීක්ෂණ ගමනක් හැටියට පරීක්ෂා කිරීමේදී ඇතුළු මේ සියලු ක්‍රියාදාමයන්ට දුම්රිය දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සහ මේ ප්‍රතිසංස්කරණය කරපු සියලු ආයතන ඒකාබද්ධව තමයි කටයුතු කළේ. මේක විතරක් විශේෂයෙන් අනුමැතිය ලබා ගත යුතු තත්ත්වයක් නෙමෙයි තිබුණේ. මුළ ඉඳලාම භූමිය හඳුනා ගැනීමේ සිටම මේ දුම්රිය ගමන්වාර දක්වාම ඒ අය සාමුහිකව කණ්ඩායමක් හැටියට කටයුතු කළා මොකක්ද කරන්න ඕන කියන එක ගැන. ඒ හැමදෙනාගේම මැදිහත්වීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ දුම්රිය ධාවනය කරන්න පුළුවන්කම ලැබුණේ."

A/L ගෘහ ආර්ථික විද්‍යා ප්‍රායෝගික පරීක්ෂණ දින තීන්දුයි - ප්‍රවේශ පත්‍ර නොලැබුණොත් කරන්න ඕන දේ මෙන්න

A/L ගෘහ ආර්ථික විද්‍යා ප්‍රායෝගික පරීක්ෂණ දින තීන්දුයි - ප්‍රවේශ පත්‍ර නොලැබුණොත් කරන්න ඕන දේ මෙන්න

භික්ෂුවකගේ සිවුර ඉවත් කිරීමේ අයිතිය තියෙන්නේ සංඝ සභාවට විතරයි- කොටපිටියේ රාහුල හිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්

භික්ෂුවකගේ සිවුර ඉවත් කිරීමේ අයිතිය තියෙන්නේ සංඝ සභාවට විතරයි- කොටපිටියේ රාහුල හිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්