ඥානසාර හිමියන්ගේ කැමැත්තකින් තොරව ගිහි ඇඳුම් ඇන්ඳීම සම්බන්ධයෙන් විපක්ෂ නායකගෙන් නිවේදනයක්

Report

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා, ගරු අධිකරණය කටයුතු කරන්නේ නීතිමය රාමුව මත පිහිටමින් බවත් අධිකරණයට එම සීමාවන් ඉක්මවිය නොහැකි බවත් නමුත් ආණ්ඩුවක් කටයුතු කළ යුත්තේ සමාජ සම්ප්‍රදායන්, සමාජ සම්මුතීන් සහ සංස්කෘතික අනන්‍යතාවන් පිළිබඳ සංවේදී භාවයකින් යුක්ත බව ප්‍රකාශ කරයි.

ඔහු මේ බව කියා ඇත්තේ නිවේදනයක් නිකුත් කරමින්.

එහිදී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද දින අධිකරණය වෙත රැගෙන ඒමේදී උන්වහන්සේගේ එකඟතාවයකින් තොරව ගිහි ඇඳුම් අන්දවා තිබූ බව මාධ්‍ය තුළින් දුටු බවත් විත්තිකරුවකු අධිකරණයට රැගෙන එන විට ඔහුට අධිකරණයේ ගරුත්වය ආරක්ෂා කිරීම සඳහා සුදුසු සිවිල් ඇඳුමකින් සැරසී පැමිණීමට ඉඩකඩ ලැබී තිබෙන බවයි විපක්ෂනායකවරයා සඳහන් කර ඇත.

අද උදෑසන 9 සිට ඔක්තෝබර් 08 වන දින දක්වා මේ අයට ජල සැපයුම අත්හිටුවන බවට විශේෂ නිවේදනයක් - වතුර කපන ප්‍රදේශ මෙන්න

අද උදෑසන 9 සිට ඔක්තෝබර් 08 වන දින දක්වා මේ අයට ජල සැපයුම අත්හිටුවන බවට විශේෂ නිවේදනයක් - වතුර කපන ප්‍රදේශ මෙන්න

එසේම අඳාළ නිවේදනයේ දැක්වෙන්නේ එවන් පසුබිමක භික්ෂූන් වහන්සේ නමක් හෝ වෙනත් ආගමික නායකයෙකු, උන්වහන්සේ හෝ පුජකතුමන් නියෝජනය කරන ආගමික ආයතනයේ දැනුවත් භාවයකින් හෝ උන්වහන්සේගේ හෝ පුජකතුමන්ගේ කැමැත්තෙන් තොරව ගිහි ඇඳුමින් රැගෙන ඒම නුසුදුසුය, භික්ෂූත්වය හෝ අඳාළ වෙනත් ආගමක නිලභාවය පිලිබද තීරණය ගත යුත්තේ එම ආගමික ආයතනය බවයි.

එබැවින් මෙවන් සංවේදී කටයුතුවලදී අතිපූජ්‍ය ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ හෝ වෙනත් ආගමක නම් එහි නායකත්වයේ දැනුවත් භාවයෙන් සහ අනුමැතියෙන් ක්‍රියා කළ යුතු බව ආණ්ඩුවට අවධාරණය කර සිටින බව විපක්ෂනායකවරයා සිය නිවේදනය මඟින් වැඩිදුරටත් සඳහන් කරයි.

අනවශ්‍ය ආකාරයට කලබල වී ඉන්ධන රැස්කිරීමෙන් වළකින්න - ශ්‍රී ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලයි

අනවශ්‍ය ආකාරයට කලබල වී ඉන්ධන රැස්කිරීමෙන් වළකින්න - ශ්‍රී ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලයි

මහින්ද කහඳගම අත්අඩංගුවට - කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය සැර වෙයි

මහින්ද කහඳගම අත්අඩංගුවට - කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය සැර වෙයි

Gallery