බන්ධනාගාර සහකාර අධිකාරිවරයෙකු රුපියල් ලක්ෂ 12කට අධික අල්ලසක් ඉල්ලලා

Report

රුපියල් 1,235,000ක (ලක්ෂ 12කට අධික) අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය රිමාන්ඩ් බන්ධනාගාරයේ සහකාර අධිකාරිවරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බන්ධනාගාර රැඳවියන් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය සැපයූ කොන්ත්‍රාත්කරුවෙකුගෙන් මෙම අල්ලස් මුදල ඉල්ලා ලබාගැනීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇත.

IMF උපදෙස් අනුව ඉන්ධන මිල වෙනස් වෙයිද? - ඇමති නලින්ද ආණ්ඩුවේ ස්ථාවරය හෙළිකරයි

IMF උපදෙස් අනුව ඉන්ධන මිල වෙනස් වෙයිද? - ඇමති නලින්ද ආණ්ඩුවේ ස්ථාවරය හෙළිකරයි

අදාළ අල්ලස් මුදල වෙනත් බන්ධනාගාර නිලධාරියෙකු මාර්ගයෙන් ලබාගැනීමට සැකකාර සහකාර අධිකාරිවරයා කටයුතු කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බව අල්ලස් කොමිසම වැඩිදුරටත් සඳහන් කරයි. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට සම්බන්ධ බව කියන ඉඩමකටත් අධිකරණයෙන් නියෝගයක්

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට සම්බන්ධ බව කියන ඉඩමකටත් අධිකරණයෙන් නියෝගයක්