ඩෙල්ෆ්ට් - යාපනය යන අයට සුබ ආරංචියක් - එක පාර මගීන් 150ට යන්න පුළුවන් නව මගී යාත්‍රාවක්
‘ප්‍රජා ශක්ති’ ජාතික වැඩසටහන යටතේ ඩෙල්ෆ්ට් - යාපනය මුහුදු මාර්ගය සඳහා නව මගී ප්‍රවාහන මුහුදු යාත්‍රාවක් සේවයට එක් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ඒ අනුව යාපනය අර්ධද්වීපයේ, විශේෂයෙන්ම ප්‍රධාන භූමිය සහ ඩෙල්ෆ්ට් වැනි බාහිර දූපත් අතර ආරක්ෂිතව එකවර වැඩි මගීන් පිරිසක් ප්‍රවාහනය කිරීමට පවතින පහසුකම් ප්‍රමාණවත් නොවීම නිසා මගී සමුද්‍ර ප්‍රවාහනය අභියෝගයක් වී ඇති බව සඳහන්.
ඒ වෙනුවෙන් විසඳුමක් වශයෙන් මගීන් 150 දෙනෙකු පමණ එකවර ප්‍රවාහනය කළ හැකි ‘Sea Ferry’ යාත්‍රාවක් ඩෙල්ෆ්ට් - යාපනය මුහුදු මාර්ගයට එක් කිරීමට තීරණය කර ඇත.
අද උදෑසන 9 සිට ඔක්තෝබර් 08 වන දින දක්වා මේ අයට ජල සැපයුම අත්හිටුවන බවට විශේෂ නිවේදනයක් - වතුර කපන ප්‍රදේශ මෙන්න
එම මගී ප්‍රවාහන යාත්‍රාව සීමාසහිත සිනෝර් පදනමෙන් නිෂ්පාදනය කරවා ගැනීමට නියමිත අතර, එහි මෙහෙයුම් කටයුතු සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පිහිටුවා ඇති ඩෙල්ෆ්ට් සංවර්ධන සමිතිය ඔස්සේ සිදු කිරීමට නියමිත බව සඳහන්.
එසේම එම යාත්‍රාවෙන් උපයනු ලබන ආදායම, සමිතියේ සාමාජිකයින් ඇතුළු ඩෙල්ෆ්ට් ප්‍රදේශයේ සියලුම අඩු ආදායම්ලාභී ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය වෙනුවෙන් යොදා ගැනීමටද නියමිත බව වාර්තා වේ.
ඒ අනුව ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.