QR ක්‍රමය හරහා තේ පොහොර ලබාදීමේ වැඩසටහනේ ඉහළ ප්‍රගතියක්
සහනාධාර තේ පොහොර බෙදාදීමේදී පැන නැගී තිබූ ගැටළු නිරාකරණය කරමින් QR ක්‍රමවේදය යටතේ නව පොහොර බෙදාදීම ඔක්තෝබර් මස පළමුවනදා සිට දිවයින පුරා ආරම්භ කර තිබේ.
එහි අරමුණ බවට පත්ව ඇත්තේ 2030 වසර වන විට ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය කිලෝ මිලියන 400ක් දක්වා සහ තේ අපනයන ආදායම ඩොලර් බිලියන 2.5ක් දක්වා ඉහළ නැංවීමයි.
එය ජාතික ඉලක්කයක්ද වේ.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් පැවති ක්‍රමවේදය යටතේ පැන නැගුණු ගැටලු නිරාකරණය කරමින් මෙම පොහොර සහනාධාරය නිකුත් කිරිම හා පොහොර ලබාදීම කඩිනම් කිරිමටත් නව QR ක්‍රමවේදයක් හඳුන්වා දෙනු ලැබීය.
මෙතෙක් ඉඩම් ප්‍රමාණය මත පොහොර ප්‍රමාණය තීරණය විය.
මෙම ක්‍රමවේදය යටතේ මාස තුනක දළු ප්‍රමාණයේ එකතුවේ සාමාන්‍ය අගය මත පොහොර සහනාධාරයේ ප්‍රමාණය තීරණය කරනු ලබයි.
ඒ අනුව රජය විසින් කි.ග්‍රෑම් 50 පොහොර මිටියක් සඳහා රු. 4000.00 ක මුදලක් ද, කි.ග්‍රෑම් 25 පොහොර මිටියක් සඳහා රු. 2000.00 මුදලක් ද කුඩා හා මධ්‍යම පරිමාණ තේ වතු හිමියන් වෙත ලබාදීම සිදුවෙමින් පවතී.
මෙම පොහොර ලබාදීමේ ක්‍රමවේදය හරහා ඊයේ (31) වන විට අයදුම්පත් 95,230ක් ලැබී ඇති අතර අදාල දිනට ඒ අතරින් 67,056 දෙනෙකු ලියාපදිංචි කර තිබේ.
එමෙන්ම ඒ අතරින් ගොවීන් 49,548 දෙනෙකු සඳහා QR කේතයන් ලබා දෙමින් සහනාධාර තේ පොහොර මෙ.ටෝ 187.4 ක ප්‍රමාණයක් ලබා දී තිබේ. එය ප්‍රතිශතයක් ලෙස 49.33% ප්‍රගතියක් වන බව සදහන් වේ.
කුඩා හා මධ්‍ය පරිමාණ තේ වගාකරුවන්ගේ අදහස වනුයේ මෙම QR ක්‍රමවේදය ඔස්සේ පොහොර ලබාදීම දීමේ ක්‍රමවේදය වඩා ක්‍රමවත් මෙන්ම පහසු ක්‍රමවේදයක් වන බවයි.