තේ පානය අඩුකරන්නැයි දැනුම් දෙයි..විශේෂ හේතුවත් කියයි..

Pakistan Green Tea
By Aruna Jun 17, 2022 05:04 AM GMT
Aruna

Aruna

Report

තේ සහ කිරි තේ පානය අඩු කරන්නැයි පාකිස්තාන රජය එරට ජනතාවට පවසා තිබෙනවා.

පාකිස්තානය මේ වනවිට දැඩි ආර්ථික අර්බුදයකින් බැටකන අතර, එරට විදේශ මුදල් සංචිත ඉතා වේගයෙන් අඩු වීමට පටන්ගෙන තිබේ.

මේ හේතුව නිසා ආනයන වියදම් කප්පාදු කිරීමට රජයට සිදුවී තිබේ.

ලොව විශාලතම තේ ආනයනකරුවකු ලෙස පාකිස්තානය සැලකෙයි.

පසුගිය 2021 වසරේ පමණක්, පාකිස්තාන රජය ඩොලර් මිලියන 600 කට වඩා වැඩි මුදලක් තේ මිලදී ගැනීම සඳහා වැය කර ඇති බව එරට මාධ්‍ය පවසයි.

විදේශ සංචිත ප්‍රමාණවත්ව ඇත්තේ මාස දෙකක් සඳහා භාණ්ඩ ඇණවුම් කිරීමට පමණක් බවත්, එම විදෙස් සංචිත යොදා ගනිමින් අත්‍යාවශ්‍ය භාණ්ඩ පමණක් මිලදී ගැනීමට කටයුතු කරන බවත් පාකිස්තාන රජය වැඩි දුරටත් පෙන්වා දී ඇත.

ආර්ථික අර්බුදය හමුවේ පාකිස්තනයේ ආහාර, ඖෂධ සහ ඉන්ධන හිඟයක් පවතින අතර, ඒවායේ මිල වේගයෙන් ඉහළ යමින් පවතින්නේ ජනතාව නොසන්සුන් කරමිණි.

දිනකට පානය කරන තේ කෝප්ප ප්‍රමාණය සීමා කිරීමෙන්, ආනයන බිල්පත් අඩු කර ගැනීමට හැකි බව රජය වෙනුවෙන් ජනතාවට පෙන්වා දි ඇත්තේ පාකිස්තානයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු වන අෂාන් ඉක්බාල්ය.

“අකමැත්තෙන් වුණත්, මට සිදුවෙනවා ජනවතාවගෙන් ඉල්ලීමක් කරන්න දිනකට පානය කරන තේ කෝප්ප ප්‍රමාණය අඩු කරන්න.

ඊට හේතුව අප තේ මිලදී ගන්නේත් ණයවලින්.” යැයි මාධ්‍ය හමුවක් කැඳවමින් අමාත්‍ය වන අෂාන් ඉක්බාල් වැඩි දුරටත් පවසා තිබේ.

මේ වනවිට පාකිස්තානය විදුලිය අර්බුදයකට ද මුහුණ පා සිටින අතර ප්‍රධාන නගර සහ පළාත්වල පැය 8 කට වැඩි කාලයක් ද පිට පළාත්වල පැය 12 ක කාලයක් ද විදුලිය කප්පාදු කෙරේ. (රොයිටර්)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now