තවත් බද්දක් යළිත් ඉහළ දැමේ..!

Parliament of Sri Lanka Ranjith Siyambalapitiya Sri Lanka World Economic Crisis
By Sewvandhi Nov 11, 2022 10:13 AM GMT
Sewvandhi

Sewvandhi

Report

විෂබීජ නාශක දියර නිෂ්පාදනය සඳහා යොදා ගන්නා එතනෝල් ආනයන බද්ද යළි ඉහළ දැමීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

මෙමගින් රුපියල් බිලියන 1.6ක බදු ආදායමක් අපේක්ෂා කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

කොවිඩ් වසංගත සමයේ විශබීජ නාශක දියර විශාල වශයෙන් නිෂ්පාදනය කෙරුණු නිසා මෙම එතනෝල් බද්ද 2020 වසරේ අවස්ථා දෙකක දී පහත දැමූ බවත්, යළි එය සාමාන්‍ය මට්ටමට ගෙනඒම මෙහිදී සිදුවන බවත් ඇමතිවරයා කීවේය.

එමෙන්ම රා ලීටරයක් සඳහා අය කෙරුණු රුපියල් 25ක සුරා බද්ද රුපියල් 50 දක්වා යළි ඉහළ දැමීමට ද තීරණය කර ඇති බවත්,

ඉකුත් ජනවාරි මාසයේ දී එය රුපියල් 25 දක්වා පහත දැමුව ද එම වාසිය පාරිභෝගිකයාට නොලැබීම හේතුවෙන් මෙම පියවර ගන්නා බවත් අමාත්‍යවරයා පවසයි 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now